මාධ්‍ය වේදියා – අලුත් දේශපාලන තත්වය කොහොමද ? හාල් නෑ කියලා කියනවා , ආණ්ඩුව කියනවා හාල් තියෙනව කියල . වෙලෙන්දෝ කියනවා හාල් නෑ කියල . දැන් අවුරුද්දට කිරිබත් කන්න කැකුළු හල් නැහැ කියලා කියනවා. කොහොමද ඔබතුමා දකින්නේ ?
ඔබතුමා කියපු දේවල් ඔය කිව්වේ. ඒවා තමයි අපටත් ආරංචි වෙන්නෙ. අහාර ද්‍රව්‍යවල මිල ගැන වාර්තා කරනවා. කෑගහනවා අඩුපාඩු ගැන හිඟ දේවල් ගැනහාල් ඒ වගේ දේවල් ගැන බිත්තර ඒ වගේ අඩුව ගැන කතා කරනවා.
ජනතාව කියන ඒවා තමයි.
මාධ්‍ය වේදියා – දැන් ආණ්ඩුවට දින 100 ගිහිල්ලා තියෙනවා . නටපු නැටුමකුත් නැ බෙරේ පලුවකුත් නැහැ කියල ජනතාව කියන්නේ. ඔබ තුමා දකින්නේ කොහොමද මේ දින 100 ?
කියන්න තරම් ලොකු ප්‍රගතියක් ලොකු වෙනසක් මුකුත් වෙලා නැහැ . අපට ඇහෙනවා පාලකයෝ එක එක ඒවා කියනවා. මාධ්‍යයට ප්‍රකාශයකුත් කරනවා . පාර්ලිමේන්තුවේ වාද විවාද යනව. ඒ ඇරෙන්න ජනතාව කියනවනම් බෙරේ පලුවකුත් නෑ කියලා . ජනතාව කියන්නේ ජනතාවට බලපාල තියෙන හැටි . අපට ඒක පිළිගන්න වෙනවා.
මාධ්‍ය වේදියා – දැන් මහින්ද රාජපක්ෂ මහත්මාගේ ආරක්ෂාව අඩු කරපු එක ගැන ලොකු සද්දයක් එනවා. විශේෂයෙන් පොහොට්ටුවේ අය කියනවා ඔහුගේ ජීවිතයට තර්ජනයක් උනොත් වගකියන්න ඕන ආණ්ඩුව කියලා.මහින්ද රාජපක්ෂට ආරක්ෂාවේ ගැටළුවක් තියෙනවාද ?
යුද්ධ තියෙන කාලෙත් මහින්ද රාජපක්ෂක ජීවිතයට තර්ජනයක් තිබුන් නෑනෙ . කොහෙදිවත් උත්සාහ කරේ නෑනෙ ත්රස්තවාදියෙක්වත් මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්න හරි බෝම්බයක් ගහන්න හරි . එතකොට මහින්ද රාජපක්ෂ ද යුද්ධ කරේ තනියම ගිහිල්ල. අපි යුද්ධ කරේ නැද්ද?. යුද්ධයට අණ දුන්න හමුදාපති හැටියට මගේ තිබුන සම්පූර්ණ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරා ජනාධිපතිවරණය 2010 ප්‍රතිඵල නිකුත් කරපු හැටියේ.
අපට ත්‍රස්තවාදී තර්ජන තිබුණේ නැද්ද?.. මාව ගිහිල්ලා වැලිකඩ හිරේ දානකොට ඒ හිර ගෙදරම හිටියා එල්ටීටී ත්රස්තවාදීන් . එතකොට මට හිරේදී අමුතුවෙන් වැඩිපුර ආරක්ෂාවක් දුන්නද ? . හිර ගෙදර ඉදල මාව උසාවියට අරගෙන එනකොට උසාවියේ බංකුවේ මමයි මට මරාගෙන ප්‍රහාර එල්ල කරන්න බෝම්බකාරී අරගෙන ඇතුළට ආපු මුරිස් කියන ත්රස්තවාදයයි මමයි එකට වාඩි වෙලා ඉන්නවා එක බංකුවේ . එතකොට අපට තර්ජනයක් තිබුණේ නැද්ද ? .
එක හන්දා මහින්ද රාජපක්ෂරකට කවදාවත් ත්රස්තවාදීන් ගහන්නෙත් නෑ. මහින්ද රාජපක්ෂ ආවෙත් 2010 එයාගේ මැතිවරණ ප්රකාශනයේ තිබුණේ 2005 වන කොට ප්‍රකාශ කරල තිබුනේ මම ප්රභාකරන් මහත්තයා හම්බවෙලා සාමයෙන් මේ රට සාමය ගේන්න සාකච්ඡා කරනවා කරලා. යුද්ධය මම අනුමත කරන්නේ නෑ යුද්ධයෙන් පිළිමයක් මේකට පිළිතුරක් ගේන්න බෑ කියලා තමයි මහින්ද චින්තනයේ තිබ්බේ. එක හන්දා එල් ටී ටී එකට මහින්දත් එක්ක වයිරයක් නැහැ .
එල් ටී ටී එකට 2005 චන්ද වෙලාවේ ඩොලර් මිලියන 2 දුන්නා මරාගෙන මැරෙන බෝට්ටු ගන්න . මහින්ද රාජපක්ෂ කියන්නේ LTTE එකත් එක්ක විශාල සම්බන්ධතා තිබුනා . යුද්දේ ඉවර වෙන්න මාස තුනක් තියෙද්දී 2009 ජනවාරි 31 පෙබරවාරි පළවෙනිදා මහින්ද රාජපක්ෂ සටන් විරාමයක් දුන්නා . අපි එපා කියද්දී . සටන් විරාමය දෙනකොට අවසානයේ පෙනී පෙනී අපි හිටියේ . යුද්දේ මීට වසර තුනකට කලින් ඉවර වෙනවා සටහන් විරාමය නොදුන්නා නම් . ඒ සටන් විරාමයේදී අපට පහර දීලා 5km පස්සට අවා . ඒ වෙලේ සටන් විරාමයක් දුන්නේ මොනවටද ?. ඒ සටන් විරාමය දුන්නේ ප්රභාකරන් නැතුව නායකයන්ට පැනල යන්න . එක හන්දා කවදාවත් මහින්ද රාජපක්ෂට LTTE පහර දෙන්නේ නැහැ .
මාධ්‍ය වේදියා – ඩ්‍රෝන ප්රහාරයක තර්ජනයක් තියෙනවා කියලා කියනවා. ඇත්තටම එහෙම ඩ්‍රෝන ප්රහාරයක අනතුරක් තිබෙනවා ද ?
ඩ්‍රෝන ඉතා මිල අධික දේවල් . මිග් යනයකටත් වඩා මිල අධිකයි . මං හිතන් නැහැ එච්චර මුදලක් වියදම් කරලා මහින්ද රාජපක්ෂට ප්‍රහාරයක් දෙන්න තරම් අවශ්‍යතාවයක් තියනවයි කියලා මේ රටේ. එහෙමනම් ඔවුන්ට එච්චර මුදලක් වියදම් කරන්නේ නෑ . ප්‍රබල රටවල්වලට එවැනි හැකියාවක් තියෙනවා ඇමරිකාව රුසියාව වගේ .