වත්මන් ආණ්ඩුව මාධ්‍ය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්රතිපත්තීන් සහ ක්‍රියාමාර්ග පිළිබඳව හිටපු ඡනමාධ්‍ය අමාත්‍යවරයෙකු වූ ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුව මාධ්‍ය මර්දනයක නිරතව සිටින බව පෙන්වා දෙනවා.
උපුටා ගැනීම…,
“2024 සැප්තැම්බර් 23 දා සිට ගතවූ දින 107 තුළ ඡන මාධ්‍යයට අදාළව ආණ්ඩුවේ අනියත බිය හා තිගැස්ම ප්‍රකාශ වූ අවස්ථා ආණ්ඩුව ගෙවා දමන ලද දින ප්‍රමාණයෙන් 10 න් එකකට වඩා වැඩිය. ඡනමාධ්යයට ප්‍රති ප්‍රහාර ආරම්භය ලබා දුන්නේද අනෙකකු නොව ඡනාධිපතිවරයාමය. ඇතැම් මාධ්‍ය නම් කරමින් ඔවුන් වැරදි හදාගත යුතු බවට දැවැන්ත නමුත් අප්රකාශිත තර්ඡනයක්, ආරම්භක පිතිකරුවා ලෙස මාතර උයන්වත්ත පිටියේදී ඔහු සමාඡයට මුදා හළේය.
පසුගිය 8 වැනිදා පාර්ලිමෙන්තුවේදී මාධ්‍ය 2 ක් නම් කරමින් අග්‍රාමාත්‍යතුමියගෙන් ඇසුනේ ද පැරණි මාලිගාවත්ත ලී මෝලේ හඩමය.
මා මතය නිරවුල් නම් 1970 පසුව බිහිවූ සෑම ආණ්ඩුවක්ම තම පාලනයේ සොහොන් ලකුණ නියම කරවාගත්තේ මෙලෙස මාධ්‍ය භීතිකාවෙන් ඔත්පලව ඊට නියම ඖෂධ බවට විශේෂ නාමධාරී හොර වෙදුන් නිර්දේශ කළ ගොඩ බෙහෙත් පානය කිරීමෙනි.”
ඩලස් අලහප්පෙරුම