ඩඩ්ලි සිරිසේන මාලිමාවට වියදම් කරපු සල්ලි ගාන

ඩඩ්ලි සිරිසේන

ඩඩ්ලි සිරිසේන මහතා කෝටි 500ක් කෝටි 10ක් කෝටි 50 දුන්නා කියල එක එකා කිව්වට ඒ කියන මිනිස්සු සල්ලි ගණන් වල බිංදු ගානවත් නොදන්නා බවයි ඩඩ්ලි සිරිසේන පවසන්නේ. වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසුවා…

මම ව්‍යාපාරිකයෙක් උනාට පස්සේ මට මුදල් ආවට පස්සේ 2015 මගේ අයියා මේ රටේ ජනාධිපති කරන්න වියදම් කරන්න ලැබුණු මම ලබපු මුදල් වියදම් කරන්න ලබපු ලොකුම අවස්ථාව විදිහට මම අදටත් සලකන්නේ. හැබැයි ඒ මොකද මෛත්‍රීපාල සිරිසේන විතරක් නෙමේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඉදලා ජනාධිපතිවරු පත් කරන්න පුදුම සටනක් කරන මිනිහෙක්.

හැබැයි අනුර කුමාර දිසානායකගේ ඡන්දයට මෙහෙම වියදම් කර ගන්න පුළුවන් කමක් තිබ්බ නම් අපේ අයියට වාගේ මම ඊට වැඩිය සතුටු වනවා මම ව්‍යාපාරිකයෙක් වශයෙන්. මොකද මේ රට ඒ තත්වෙටම පිරිහිලා , නැත්තට නැති වෙලා යන වෙලාවක නිකන් හිතන්න මම බොහොම විවෘතව කතා කරන මිනිහෙක්.

මම මේ ගණිතය නිසා මෙතෙන්ට අවේ. මේ ඡන්දේට ඡන්දය දීපු විදිහත් කියන්නම් මම. මම ජනාධිපතිවරණයට ගැහැව්වේ අනුර කුමාර දිසානායකට. මහමැතිවරණය අයියගේ පුතාට. මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මම ඡන්දය දීමෙන් බලාපොරොත්තු වුනේ මොකද්ද ? මේකේ මේ ගණිතය රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදස හෝ නාමල් රාජපක්ෂ හෝ වෙනත් ඕනෑම කෙනෙක් ගැන පසු පරීක්ෂණ අපට අවශ්‍ය නැහැ

රටට විය යුතු දේ වෙලා ඉවරයි . එක එක හේතුවක් මම ඡන්දය දෙන්න. රනිල් ළග ඉන්නෙත් හොරු නම් අනිවාර්යෙන්ම සජිත් ළග ඉන්නෙත් හොරු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *