ප්‍රංශයේ ට්රාන්ස්බර්ග් ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ට්රෑම් රථ 2 ක් එකිනෙක ගැටී බරපතළ අනතුරක් සිදුව තිබෙනවා. එහිදී දුම්රිය දෙකේ ගමන් කල පුද්ගලයින් 30 දෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ට්රෑම් රථ 2 එකිනෙක ගැටී අනතුරට ලක් වී තිබුණේ ඉන් එක් ට්රෑම් රථයක් හදිසියේ පථය වෙනස් කර අනෙක් පථයක් වෙත යොමු වීමෙන් අනතුරුවයි. ඉන් පසුව එය නවත්වා තිබූ ට්රෑම් රියක ගැටී තිබුණා. ඒ සමග විශාල දුමාරයක්ද පැතිර ගිය අතර දුම්රියේ සිර වු පිරිස් මුදා ගැනීම ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි. අනතුරින් කිසිවෙක් මියගොස් නැතත් තුවාල ලැබූවන්ගෙන් 5 දෙනෙකුගේ තත්වය බරපතළ බවට වාර්තා වනවා. මේ අතර අනතුරුට නිශ්චිත හේතු සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.
Related Posts
ත්‍රිකුණාමලය මුහුදේ ‘ Target drone ‘ යානයක්
“පාන්දර 4.30 ට විතර මෙතනින් ටවුන් වරායෙන් තමයි පිටත් වුනේ. මාළු මාකට් එක පිටිපස්සේ තමයි තියෙන්නේ අපේ බෝට්ටු යන තැන.…
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වාර්තා කඩයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප චන්ද 6 55 289 ක් හිමි කර ගෙන තිබෙනවා. ඒ…
ආර්ථිකය ගොඩගන්න රනිල්ගෙන් උපදෙස්
මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න නම් ඉස්සෙල්ලම තිබුනේ අපේ රටේ තියෙන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. මේ…