ජීවදත්ත සහ ජීවමිතික දත්ත ඇතුළත් නව විද්‍යුත් හැඳුනුම්පත

lankaccnews

නවීන තාක්ෂණ ක්‍රමවේදයන් යොදාගනිමින් පුද්ගල අනන්‍යතාවය ඉතා නිවැරදිව හා කාර්යක්ෂමව තහවුරු කර දීමේ පරමාර්ථයෙන් විද්‍යුත් ඡාතික හැදුනුම්පත් ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ වූ අතර ඒ යටතේ වයස අවුරුදු 15 ට වැඩි සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ඡිව දත්ත සහ ඡිව මිතික දත්ත එක් කරමින් නව විද්‍යුත් ඡාතික හැදුනුම්පතක් ලබා දීමට සැලසුම් කෙරුණා. නමුත් මෙහිදී ලබාගන්නා ඇගිලි සළකුණු, ඇසේ කළු ඉගිරියාව, මුහුණ ඇතුළු ඡීව මිතික දත්ත එක්රැස් කිරීම රඡය ඉන්දියානු සමාගමකට ලබාදී ඇති බවට පාර්ශව කිහිපයකින්ම චෝදනා එල්ල වුණා. එවන් පසුබිමක විද්‍යුත් ඡාතික හැදුනුම්පත් පිළිබඳ ක්‍රියාවලිය හදුන්වා දීම හා ඒ සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝඡිත ආයතනයේදී පැවැත්වුණා. ඒ ඩිඡිටල් ආර්ථිකය පිළිබඳ නියෝඡ්‍ය අමාත්‍ය ඉංඡිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

“පුද්ගලයන් නිවැරදිව හදුනාගන්නත්, ඩිඡිටල් සේවා අවභාවිතය වැළැක්වීමටත්, දූෂණ වැළැක්වීමටත් ඩිඡිටල් හැදුනුම්පත් අනිවාර්යයෙන් අවශ්‍යයි. 2012 වසරේ සිට මෙය හදුන්වා දීමට සාකච්ඡා කෙරුණත් මෙවර අපි එය අනිවාර්යෙන් ක්‍රියාවට නංවනවා. “

ඉංඡිනේරු එරංග වීරරත්න – ඩිඡිටල් ආර්ථිකය පිිළිබඳ නියෝඡ්‍ය අමාත්‍ය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *