ජාතික ජන බල වේග ආණ්ඩුව රටටම කන්න දෙනවා

ජාතික ජන බල වේග

ජාතික ජන බල වේග ආණ්ඩුව රටටම කන්න දෙනවා. ජනතාව බලාපොරොත්තු වෙච්චි සියලු වගකීම් අපි ඉටු කරනවා . ජාතික ජන බල වේග ආණ්ඩුවක් විදිහට වගකීම් ඉටු කරන්න කටයුතු කරනවා. බිත්තර කාරයෝ විතරක් නෙවෙයි රටේ ජනතාවගේ බොටුව මිරිකන් හිටපු ගොඩක් මාෆියාකාරව ටිකක් ඉන්නවා.

ඒගොල්ලොන්ට ඉදිරියට අපේ රටේ ජනතාවට මිල අඩු වෙළඳපොලක් ඒවගේම සහනදායී ලෙස ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් හදනවා. ඒවගේම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක් හදනවා.

අපිට ලොවෙත් නැති වෙන්න ඡන්ද ලබා දුන්නා . අපි ලොවෙත් නැතිවෙන්ඩ ලස්සන රටක් හදනවා. අනිවාර්යයෙන්ම සහන දෙන්න පුළුවන් රටක් අපි හදනවා . කොයි අමාත්‍යංශ ලැබුණත් අපි වැඩ කරනවා.

ජනතාවට අමතක නොවෙන වැඩක් අපි කරල පෙන්නනවා . ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ සාමූහික වැඩක් විදිහට තමයි ඉදිරියට වැඩ කරන්නේ. බඩු මිල අඩු කිරීම අපි සියලු දෙනාගේම අතේ තමයි තිබෙන්නේ .

අපි බඩු මිල ඉදිරියටම අඩු කරනවා. සාමූහිකව ගත්ත වගකීම ඉතා හොඳින් ඉෂ්ට කරන්න කටයුතු කරනවා .රට වල්වල හංගලා තිබෙන ජනතාවගේ මුදල් ගේන්න ආණ්ඩුව කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *