ආන්දෝලනයට තුඩු දුන් නඩු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්වුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර නීතිපති ජනාධිපති නීතිඥ පාලිත රණසිංහ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් .
යුක්තිය පසිදලීම සදහා ක්‍රියා කරන සියලු ආයතන එකා බද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණා. අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බවත් මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතබිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා .
එමෙන්ම මහජනාපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත් යුක්තිය පසදලීමේ මේ ක්‍රියාවලිය ගැන ජනතා විශ්වාසය තවත් ඉහල නංවන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනරත්න මහතා ඇතුළු තවත් නිලධාරින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.