2005 – 2024 කාලය තුළ ඡනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු අමාත්‍ය නලින්ද ඡයතිස්ස මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
“මේ අපේ රටේ දරුවන්ටත් උදව් කරන්න පුළුවන් විදියට අරමුදලක් තියනවා 1978 අංක 7 දරණ ඡනාධිපතිවරයාගේ අරමුදල් පනත. දුප්පත්කම තුරන් කරන්න සහන සලසන්න, අධ්‍යාපනය, ආගම ඡාතිය වෙනුවෙන් සේවය කරපු අයට තමයි ඡනාධිපති අරමුදලෙන් මේ සහන සපයන්න පුළුවන්.
මේ මගේ ලග තියෙන්නේ 2005 -2024 ඡනාධිපති අරමුදලෙන් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධ තොරතුරු. මං කියන්නම් නම් ටිකක්. මේ ඡනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත්ත කට්ටිය.
මෙන්න මෙහෙමයි නම් ටික. පී. හැරිසන්, පියසේන ගමගේ, සුමේදා ඡයසේන. ෂෙඩ් ගොඩක් තියනවා මොණරාගල.. කට්ටිය දන්නවා. මනෝඡ් සිරිසේන, ටී. දයාරත්න, එස්. සී. මුතුකුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස්. බී. නාවින්න. මේ අයගේ නම් නම කෙලින්ම තියනවා. තව නම් කිහිපයක් තියනවා හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕන.
එක්කෙනෙක් ජේ. පී. ඩී. පී. කේ. ඡයසේකර. අපි දන්න ඡයසේකර එක්කෙනයි ඉන්නේ.. ජේ. පී. දයාසිරි පද්මකුමාර ඡයසේකර වෙන්න ඕනේ. හැබැයි මේකෙ තියෙන්නේ ඡේ. පී. ඩී. පී. කේ. ඡයසේකර.. එච්. එම්. පී. එන් ද සිල්වා. පියල් නිශාන්ත ද සිල්වා. එස්. ඒ. ඩී. එස්. ප්‍රේමජයන්ත ද සිල්වා. ප්‍රේමජයන්ත.. කවුද? ඔව් සුසිල් ප්‍රේමජයන්ත. මේ නම ටිකක් හොයාගන්න අමාරු වුණා. ඊ.ඒ.අයි.ඩී.ඩී. පෙරේරා.. ඉසුරු දේවප්‍රිය.
මේ කට්ටියක්.. තව ඉන්නවා. එස්.ඒ. ජගත් කුමාර.. ලක්ෂ 10යි. කේ.පී.එස්. කුමාරසිරි.. නවලක්ෂ පනස් තුන් දහස් හාරසිය තිහයි. 2022 අරන් තියෙන්නේ.. ඡයලත් ඡයවර්ධන ලක්ෂ 10 යි. නාමල් ගුණවර්ධන ලක්ෂ 10 යි. ධර්මදාස බණ්ඩා ලක්ෂ 10යි, විදුර වික්‍රමනායක ලක්ෂ 15 යි, විමලවීර දිසානායක ලක්ෂ 30 යි, ලකී ඡයවර්ධන.. නුවර දිස්ත්‍රික්කයේ ලක්ෂ 16.2 යි, පී. චන්ද්‍රසේකරන් ලක්ෂ 14යි, ජෝන් අමරතුංග 2014 අරන් තියෙන්නේ..රුපියල් ලක්ෂ 40යි, ජෝසප් මයිකල් පෙරේරා ලක්ෂ 27යි, ටී.බී. ඒකනායක ලක්ෂ 48යි, ඩබ්ලිව්. එම්.එස්. ෆොන්සේකා ලක්ෂ 55යි, මේ සරත් ෆොන්සේකා නෙවෙයි. ඡයන්ත වීරසිංහ.. මහින්ද රාඡපක්ෂ හිටපු ඡනාධිපතිතුමාගේ ලීගල් ඇඩ්වයිසර් ලක්ෂ 90 යි.
ඇලික් අලුවිහාරේ ලක්ෂ 22යි, රංඡිත් අලුවිහාරේ ලක්ෂ 8.6 යි…අලුවිහාරේ පරම්පරාවම මේකත් අරන් තියෙන්නේ ඡනාධිපති අරමුදලෙන්. රාඡිත සේනාරත්න ලක්ෂ 100යි. කෙහෙලිය රඹුක්වැල්ල ලක්ෂ 110 යි. අර හෝටලේ කාමරෙන් කාමරේට පනින්න ගිහිල්ලා.. මේ තියෙන්නේ මෙඩිකල් ට්‍රීට්මන්ට් අබ්‍රෝඩ්.. මේ ලක්ෂ 110.. එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන ලක්ෂ 112යි, රංඡිත් සොයිසා ලක්ෂ 188යි, දීමු ඡයරත්න ලක්ෂ 300යි.. මේ ඡනාධිපති අරමුදලේ මුදල්. එතකොට අපේ ගමක කෙනෙක් ලක්ෂ දෙකහාමාරක් තුනක් ගන්න කොච්චර මහන්සි වෙනවද? මේ මොන කැටගරි එකෙන්ද? මේ ඔක්කොටම දීලා තියෙන්නේ ලක්ෂ 90, 100, 250, 300.. නැතිබැරි මිනිස්සු..
අරගෙන තියෙන්නේ මෙතනින්. පරම්පරාවම අරගෙන තියෙන්නේ මෙතනින්. එහෙම තමයි ඡනාධිපති අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ.. මේ ඡනාධිපති අරමුදල් මණ්ඩලයේ සභාපති වෙන්නේ ඡනාධිපතිවරයා.. මේ 2005 – 2024 වෙනකන් මහින්ද රාඡපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාඡපක්ෂ, රනිල් වික්‍රමසිංහ.. මේ ඡනාධීපතිවරු 4 දෙනාම මේ මණ්ඩලයේ සභාපතිවරු විදියට ඉදලා තියනවා. මේ දරුවො වෙනුවෙන් වියදම් කරන්න තිබ්බ මුදල්.
අපි මේ මුදල් මවලා නෙවෙයි මේවා දෙන්නේ. 2022 සැප්තැම්බර් 01 සිට 2024 සැප්තැම්බර් 30 දක්වා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම්.. මේ එකතුව ගත්තොත් එහෙම රුපියල් ලක්ෂ 121යි. මේ වියදම් තමයි ගරු අග්‍රාමාත්‍යතුමිය පහුගිය කාලේ ඇම්බියුලන්ස් එකෙන් බාර දීල අඩු කරලා තියෙන්නේ.
මෙන්න වියදම්.. මේවා තමයි ඡනතාවගේ බදු මුදල් වියදම් කරලා තියෙන හැටි තමුන්නාන්සේලා. පහුගිය ආණ්ඩු.. කවුද මේවා පාවිච්චි කලේ.. දිනේෂ් ගුණවර්ධන කොතනද අග්‍රාමාත්‍ය කාර්යාලය තියෙන්නේ. එතන ඉදන් ඡාතික රෝහලට කොච්චර දුරයිද? ඉතිං මේවා නතර කරන්න තමයි ඡනතා බලයක් දුන්නේ අපිට.. අපි එ්වා කරමින් ඉන්නවා.”
අමාත්‍ය වෛද්‍ය නලින්ද ඡයතිස්ස – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක