ආණ්ඩුවට යථාර්තය පැහැදිලි වෙලා

dayasiri jayasekara

ජනාධිපතිතුමාගේ හදවතේ තිබුණු කාරණා කිහිපයක් ඉස්මතු කළා. ඉතාමත් වැදගත් කතාවක්. එක් පැත්තකින් ඔහු හැම ක්ෂේත්‍රයක්ම ආවරණය වන ලෙස ඔහුගේ කතාව සකස් කරලා තිබුනා.

නමුත් විදේශ ප්‍රතිපත්තිය පිළිබදව එතුමා කතා කලේ නැහැ. ඒ වගේම අපට බලන්න තියෙන පැහැදිලි කාරණය තමයි ජාතියන්තර මුල්‍ය අරමුදලත් එක්ක තිබුණු ඔවුන් වේදිකාවල කියපු කතාව සම්පුර්ණයෙන්ම අද වෙනස් වෙලා තිබෙනවා.

ඔවුන් බොහොම පැහැදිළිව ජාතියන්තර මුල්‍ය අරමුදලත් එක්ක තිබෙන ගණුදෙනුව සම්බන්ධයෙන් අලුත් යෝජනාවලියක් ඉදිරිපත් කරනවා කියල කියල තිබුනත් ඇත්ත වශයෙන්ම ඔවුන් දැන් පැහැදිළිවම ප්‍රකාශ කරන කාරණය තමයි ඔවුන් ඉන් බිදක්වත් එළියට යන්නෑ කියන කරණය.

පහුගිය ආණ්ඩුව ගෙනිච්ච ජාතියන්තර මුල්‍ය අරමුදලත් එක්ක තිබුණු ඒ ගණුදෙනුව ඒ විදිහටම ක්‍රියාත්මක කරගෙන යනවා කියන ඒ කාරණය පැහැදිළි කරා. ඒ වගේම අපි එයින් මිදීමේ බරපතලකම පාර්ලිමේතුව තුළත් ඉන් පිටතත් අපි දිගින් දිගටම පැහැදිලි කරා. එයින් ගැලවෙනවා කියන එක අමාරු කාර්යයක්.

මුල ඉදලා ඔවුන් කීවේ ඉන් ඉවත් වෙනවා එහම නැතිනම් අලුත් වැඩ පිළිවෙලක් ගේනවා කියන කාරණය.දැන් බොහොම පැහැදිලියි. ඔවුන්ට යථාර්තය තේරිමින් තිබෙනවා. අපි සන්තෝෂ වනවා යථාර්තය පැහැදිලි වෙමින් ඒ කාරණය පිළිබදව අවශ්‍ය කරන වැඩ පිළිවෙල ඉදිරිපත් කිරීම ගැන.

ඒ වගේම අලුත් කතානායක වරයෙක් පත් වීම ගැන අපේ සන්තෝෂය ප්‍රකාශ කරනවා.ඔහු මේ පිළිබදව අධ්‍යනයක් සිදු නොකර තිබුනත් පළාත් සභාව තුළින් ඔහු ගත්ත ඒ අත්දැකීම මෙහිදී වැදගත් වෙයි කියල අපි විශ්වාස කරනවා. අපි විශේෂයෙන්ම සන්තෝස වන්නේ පාර්ලිමේන්තුව සංවර පාර්ලිමේන්තුවක් .

ඒ වගේම වැදගත් පාර්ලිමේන්තුවක් වෙයි කියන විශ්වාසය අපට තිබෙනවා. මං හිතන්නේ පහු ගිය කාල වකවානුව තුළ තිබිච්ච ඒ ත්‍රාඩ රස්තියාදුකාර දේශපාලනය ඉවත් වෙයි කියන විශ්වාසය තමයි අපට තිබෙන්නේ යැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *