මේ ව්‍යාපෘතිය හොද ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම ඉතාම වටිනවා. මේ වෙනකොට පරිසර අනුමැතියන් සඳහාත් යොමු කරලා විදුලිය, ඡලය ලබාදීමේ කටයුතුත් ක්‍රියාත්මක වෙමින් පවතින තත්වයක් තුළ එවැනි ව්‍යාපෘතියක් ඡනාධිපතිතුමා චීනේ ගිය නිසා ලැබුණා යැයි නැවතත් ඡනතාව මුලා කිරීමට උත්සාහ කිරීම ගැන අපි අප්‍රසාදය පළ කරනවා වගේම මේ ව්‍යාපෘතිය කරගෙන යෑම සඳහා අපේ විරෝධතාවක් කිසිසේත්ම නැහැ. ඒ සඳහා අපේ සහය තියෙනවා කියන කාරණය අපි මතක් කරන්න අවශ්‍යයි. ඉතිං මේකේ ගාණත් වැරදියි. මේකේ තියෙන්නේ බිලියන 3.7 යි. බිලියන 4.5 යි නිවැරදි ගාණ.. මම හිටපු ඇමතිතුමා නිසා මම දන්නවා. ඒ වගේම ඒ බිලියන 4.5 එකසැරේ එන්නේ නැහැ.
දිලුම් අමුණුගම – ඡාතික සංවිධායක – සර්වඡන බලය