ජනතාව මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා . අති බහුතරයක් දුන්නා .ඒ වගේම ආණ්ඩුව පුල පුලා කියනවා අපි ඉල්ලුවෙ නෑ අපිට තුනෙන් දෙකක් දෙන්න කියලා .ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තිබ්බා චෝදනාවක් තමයි තුනෙන් දෙකේ බලයක් දීලත් ඔබතුමාලාවේ වැඩ කරේ නෑ කියලා .
ඔබතුමාලට අරගලයක් පාලනය කරගන්න බැරි වුනා. පෝලිං ඇති වුණා කියලා . මේ ආණ්ඩුව කියයිද දන්නෑ හෙට අනිද්දට අපි ඉල්ලුවෙ නෑ. ඇයි අපිට දුන්නේ කියලා. පැහැදිලිවම ආණ්ඩුවට ජනතාව බලය දීලා තිබෙනවා . ආණ්ඩුවට වගකීමක් තිබෙනවා .ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් අපි කියන්න නෑ නොමිලේ දෙන්න කියලා. අපි කියන්නෙ නැහැ සහන මිලටවත් දෙන්න කියලා.
සමාජේ කඩේ පොලේ ගන්න පුළුවන් තැනට ආර්ථිකය හසුරුවන්න . මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට සැලැස්මක් තිබ්බා. වැඩපිළිවෙලක් තිබ්බා . අපි දේශපාලනය කරේ පළිගන්න නෙවෙයි. අපි එදා බලයට ආවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විපක්ෂය මර්ධනය කරන්නවත් එක එක්නට චෝදනා කරන්නවත් නෙමෙයි. වැඩ කරන්න .
එදා මේ රට වැඩබිමක් බවට පත්කරන්න මුඩු බිමක් බවට පත්වෙලා තිබු රට වැඩබිමක් බවට පත් කරා. යහපාලන ආණ්ඩුව අවිත් පලිගත්තා . හෝරු අල්ලන්න කියලා අවසානයේ නඩු දාලා හිරේ දාලා අපි නිදොස් කොට නිදහස් වුනා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙත් අපි වැඩ කෙරුවා වැඩකරේ නෑ කියල කියන්න බෑ කිසි කෙනෙක්ට .
අපි දැක්කා උපක්රමශීලීව සැලසුම් සහගතව අපේ ආණ්ඩුව වැට්ටුවා . ඇතුලේ බෙදීම ඇති කරා. ඒ වගේම කොවිඩ් දහනමය වසංගතයත් එක්ක අපට මුහුණ දෙන්න තිබ්බ අභියෝග. ඒ වගේම අනිත් පැත්තෙන් දේශපාලනිකව ස්වභාවික අරගලය දේශපාලනික මෙහෙයුමක් බවට පත් කරා. ඉතින් මේ කාරණා එක්ක ආණ්ඩු වැට්ටුවා . වර්තමාන ආණ්ඩුව ආවෙත් පලිගන්න. එහෙම නැත්නම් වැඩ කරන්න නෙමෙයි බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.