ඕනෑම ඡාලයක් වෙත මසක කාලයක් ජංගම දුරකථන ඇමතුම් ලබා ගැනීමට සහ සමාඡ මාධ්‍ය වෙත නොමිලේ පිවිසිමට හැකි දිනකට ගිගා බයිට් එක බැගින් මසකට ගිගා බයිට් 30 ක ප්‍රමාණයක් ලබා දී තිබූ ජංගම දුරකථන පැකේඡවල මිල ඉහළ දමා ඇති බවට පාරිභොගිකයන් මැසිවිලි නගන බවට වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා. පාරිබෝගිකයෝ එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් ජංගම දුරකථන පැකේඡය 2024.10.05 දා සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකථන ජාලය දන්වා තිබෙනවා. ඒ වෙනුවට රුපියල් 1298 ක් වැය කර නව පැකේඡය සක්‍රීය කරගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති අතර පසුව නව පැකේඡයන් හදුන්වා දෙමින් දුරකථන සමාගම දන්වා ඇත්තේ එම පැකේඡය සඳහා අය කරන ගාස්තුව රුපියල් 1989 ක් බවයි. මෙම නව පැකේඡ ගාස්තු සම්බන්ධයෙන් බී.බී.සී. සිංහල වෙබ් අඩවිය එක්තරා දුරකථන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ගිගා බයිට් 30 පැකේඡය ගිගා බයිට් 12 දක්වා අඩු කර ඇති බවයි. පසුගිය දෙසැම්බර් මස 1 දා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් දුරකථන සමාගම් ප්‍රකාශ කර ඇත.
Related Posts
ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ කිසිවක් නොමැත
රට තුළ කිසිදු ඖෂධ හිඟයක් හෝ බාල ඖෂධ කිසිවක් නොමැති බව රාඡ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මනෝඡ් වීරසිංහ…
අර්චුනා මන්ත්රීවාරයට නීතිය ක්‍රියාත්මක වනවා
සිවිල් පුරවැසියෙක් හැටියට නීතිය කඩ කල විට ඊට අදාළ නීතිය ක්‍රියාත්මක වන බවත් ඊට අදාල පුද්ගලයා මන්ත්‍රීවරයෙක් වීම අදාළ නොවන…
දවුලගල සිසුවිය බේරාගැනීමට ඉදිරිපත්වූ තරුණයා කියන කතාව
මහනුවර දවුලගල ප්‍රදේශයේ දී මෙම සිසුවිය තවත් සිසුවියක සමග මහාමාර්ගයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගැනීම සිදු කර තිබෙනවා.…