ඡොන්ස්ටන් ප්‍රනාන්දු කියන දිනන කතා

ඡොන්ස්ටන් ප්‍රනාන්දු

පළාත් පාලන මැතිවරණයේ ටාගට් එකක් තියෙනවද? ඡොන්ස්ටන් ප්‍රනාන්දු – “දිනන්න තමයි ඡන්දේ ඉල්ලන්නේ. පරදින්න ඉල්ලන්නේ නෑ. හැබැයි ඡනතාව අතේ තමයි ඔක්කොම තියෙන්නේ.”

හොරු අල්ලනවා හොරු අල්ලනවා කියනවා. හැබැයි එහෙම එකක් අපිට දැනිලා නෑ.

“ඉතිං ඕක අලුත් දෙයක් නෙවෙයි නේ. හොරු අල්ලනවා කියලා 2015 බලයට ආවා. අපි දැක්කා එදා කටයුතු කරපු ආකාරය. බොරු නඩු හදලා, බොරු සාක්ෂි හදලා.. මේක අලුත් දෙයක් නෙවෙයි. මේ හොරු අල්ලනවා කියන එක ඒගොල්ලන්ගේ සටන් පාඨයක් විතරයි. මේක තමයි තිත්ත ඇත්ත. මං හිතන්නේ ඡනතාව දැන් වෙද්දි තේරුම් අරගෙන ඉවරයි. මේවා ලේසියෙන් කරන්න පුළුවන් කියලා හිතපු අයට මං හිතන්නේ අමාරු වෙලා තියෙනවා කියන එකයි මං දකින්නේ. හොද දෙයක් හොදින් කරනවා නම් කවුරු කරත් හොදයි. හැබැයි ක්ලීන් ශ්‍රී ලංකා නෙවෙයි මොන දේ කෙරුවත් ඡනතාවගේ අප්‍රසාදය වැඩි වෙනවා කියන්නේ ඒකේ මොකක්හරි වැරැද්දක් තියෙනවා කියන එක.”

ඡොන්ස්ටන් ප්‍රනාන්දු – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී – ශ්‍රී ලංකා පොදුඡන පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *