චීන තානාපති නැගෙනහිර පළාතේ සංචාරයක

ශ්‍රී ලංකාවේ චීන තානාපති

ශ්‍රී ලංකාවේ චීන තානාපති “කී සෙන් හොන්ග්” මහතා අද නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා. සංචාරය අතරතුර කී සෙන් හොන්ග් මහතා පසුගිය වර්ෂාවත් සමඟ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පීඩාවට පත් ඡනතාව වෙනුවෙන් වියළි සලාක බෙදා දුන්නා. මේ අතර කී සෙන් හොන් මහතා මඩකලපුව ප්‍රදේශයේ ඡනතාවට ද වියළි සලාක බෙදා දුන්නා.

“ශ්‍රී ලංකාව සහ චීනය අතර සම්බන්ධය අවුරුදු 2000ට ඉහත ඉතා සාම්ප්‍රධායික එකක්. අපි පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම නැගෙනහිර පලාතේ මානුෂීය ආධාර ලබා දුන්නා. ඒ වගේම අපේ තානාපති කාර්යාලය නැගෙනහිර පළාතේ සිවිල් සංවිධාන සමඟ ද හොද සම්බන්ධතා පවත්වාගෙන යනවා. සුදුසු අවස්ථාවලදී අවශ්‍ය සහය ලබා දීමට අපි තව දුරටත් බලාපොරොත්තු වෙනවා. චීන ඡනතාව ඔබ සමඟ අත්වැල් බැදගෙන සිටින බව ද මම ඔබට දන්වන්න කැමති.”

කී සෙන් හොන්ග් – ශ්‍රී ලංකාවේ චීන තානාපති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *