ගෝඨාභය Part 02 තමයි ඔය දැන් කරන්න හදන්නේ

lankaccnews.com

ඉන්දියාවට ගිහිල්ලා එකක් කියලා ඊට පරස්පර දෙයක් ගිහිල්ල චීනෙට කිව්වම ඒ තුළ ඇතිවන තත්වය රාජ්‍ය ත්‍රාන්තික වශයෙන් කුමක් වේවිද කියන ප්‍රශ්නය පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුයි. රටවල් දෙකම මිත්‍රශීලීව පවත්වාගෙන යමින් ලෝකේ අනෙකුත් රටවල් එක්කත් ඒ තියෙන සුහද සම්බන්ධතාවය ආරක්ෂා කර ගැනීමට මේ ජනාධිපතිට හැකි වෙනවා නම් අපි ඒකටත් කැමතියි.

හැබැයි ඉතින් මේ කියන කියන විදියට නෙමෙයි කරන කරන විදිය කියන එක ඔප්පු කරල තියෙන්නේ. කිව්ව දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් තමයි මේ අය කරන්නේ. ඔය කියන ගිවිසුම් ඔය දැන් තෙල් පිරිපහදුව ගත්තොතින් මේ පිළිබඳව දිගින් දිගටම කතා කරලා තියෙනවා ඔය සමාගම මම ඇමතිවරයා වෙනකොට විසිහත් වතාවක් ලංකාවට ඇවිල්ල තියෙනව ඔය ගිවිසුම ගැන කතා කර කර ගිවිසුමක් ගහලා. ඉතින් මේවා ක්‍රියාත්මක වෙනවා නම් අපි ඉතාම කැමතියි.

දැන් ඉන්දියාවට යන්න කලින් කිව්වා ඉන්දියාව ලංකාව ගිල ගන්නවා කියලා. හැබැයි ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේ සුහච කීකරු කුක්කෙක් වගේ ඉන්දියාවේ ගුණ වර්ණනා කරමින් කතා කරා. චීනය ලංකාව විකුණනවා චීනයට ලංකාව විකුණලා ඒ වරාය අපි හරියට ගිය නිකන් වරාය ආපහු අරන් එන්න වගේ දැන් මොකක්ද කරලා තියෙන්නේ. එකේ අනිත් පැත්ත.

තෙල් ටැංකි සංකීර්ණය ආපහු ගන්න වගේ ගියේ. මොකක්ද උනේ? අන්තිමට මේ LNG විතරක් නෙමේ නලපද්දතියත් සම්බන්ධ කරන එකට එකඟ වුණා නෙමෙයි මෝධි අගමැතිතුමා කියනකොට අපේ ජනාධිපතිතුමා ජනාධිපති සහෝදරයා පූසෙක් වගේ අහන් හිටියා. ඒකම තමයි අද ලස්සනට පෙන්නල අන්දල චීනෙනුත් ි අපි නම් දකින්නේ ඉතිං අපි චීනය ගැන අපේ මිත්‍ර රටක්. අපිට උදව් කරපු රටක්. ඉතින් ඒ මිත්‍ර උදව් කරපු රටට බැනපු අනුර කුමාරා අද චීනයට සරණං ගච්ඡාමි.

අපට උදව් කරපු අපේ බිග්බඩර් හැටියට ඉන්දියාව අපි සැලකූවා. අපේ සංස්කෘතිය අපේ ආගම අපේ සියල්ල ඉන්දියාවෙන් අපිට ලැබුණේ ඉන්දියාවට ව්‍යපත්වාදය කියපු අනුර කුමාර ඉන්දියාවේ ගිහිල්ලා ඉන්දියන් කුක්කෙක් බවට පත් වෙලා. ඒ නිසා මේ අය කියන දේ සහ කරන දේ පිළිබඳව විශාල පරතරයක් තියෙනවා පරස්පරභාවයක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනව . අපිට තියෙන ප්‍රශ්නේ මොනවා කියලා හරි මොනවා කරලා හරි රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳුවනන් ප්‍රශ්නයක් නැහැ . අද වෙනකොට හාල් කිලෝ එකක් රුපියල් 300ටවත් ගන්න බැරි මට්ටමට ගිහිලා.

චන්දිම වීරක්කොඩි – හි.පා.ම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *