ගුරුවරු ඇතුළු රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

ගුරුවරු

රඡයේ සේවකයින් ඇතුළු ගුරුවරු බලාගෙන ඉන්නවා ඔබතුමන්ලා ලබන අවුරුද්දේ සේවක වැටුප වැඩි කරයි කියලා. ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තියෙන්නේ මේ අවුරුදු සමයත් එක්ක?

“ඔව් මෙහෙමයි අපි කලිනුත් කිවුවනේ දැන් ඇත්තටම අපි වැටුප් වැඩීවීමක් යෝඡනා කළේ හෝ කරන්නේ හුදෙක් දේශපාලන වුවමනාවකට නෙවෙයි. අපි කවුරුත් දන්නවා ගුරුවරු , රාජ්‍ය සේවකයන් ඇතුළු මිනිස්සුන්ට ලැබෙන වැටුපෙන් ඡීවත් වෙන්න බැහැ. එහෙනම් වැටුප් වැඩි වෙන්න ඕන. හැබැයි ඒත් එක්කම ආර්ථිකයේ තත්වය බිද වට්ටලා තියෙනවා. අපි ආණ්ඩු කරපු එකක් නෙවෙයි. ඒ කෙසේවෙතත්, අපිට එහෙම කියලා.. අපි ඕනනම් කියන්න පුළුවන් දැන් ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ. පොඩ්ඩක් ඉවසන්න, පටි තද කරගන්න. මුකුත් කරන්න බෑ අපි 2026 දී කරන්නම් කියන තර්කය ගේනත් පුළුවන් නේ. හැබැයි අපි එහෙම කරන්නේ නෑ අපි දන්නවා මිනිස්සු ඡිවත් වෙන දුෂ්කරතාව. ඒ නිසා අනිවාර්යයෙන්ම වැටුප් වැඩි වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වැටුප් වැඩි වීම පිළිබඳව විස්තර අපි අයවැයේ දි ඉදිරිපත් කරනවා.”

ඒ වගේම අමාත්‍යතුමා මං අහන්න කැමතී ඔබතුමාලා දේශපාලන මැතිවරණයට කලින් කිවුවා පාසල් උපකරණවල බදු අඩු කරනවා කියලා. ඒ වගේම අස්වැසුම තියෙන පවුල්වලට රුපියල් 6000 ක් ලබා දෙනවා කියලා. නමුත්, ඊට වැඩිය අස්වැසුම නැති පවුල්වල දරුවන් ඉන්නව නේ. ඒගොල්ලන්ට වැඩපිළිවෙලක් ඇත්තටම කරනවද?

“ඔව් ඔව්.. ඒ රුපියල් 6000 ලබා දීමේ වැඩපිළිවෙල අපි තෝරාගැනීමේ ක්‍රමවේදයක් විදියට තමයි ඉස්සෙල්ලාම කිවුවේ අස්වැසුම කියලා. නමුත්, අපි දන්නවා අස්වැසුමට තෝරාගැනීමේදී යම් ගැටළු වෙලා තියෙනවා. ඒත් ලැබෙන්න ඕන අයට ලැබෙන්නේ නෑ. ඒ නිසා අපි ඒ වැඩපිළිවෙල පොඩ්ඩක් සංශෝධනය කරලා ඇත්ත වශයෙන්ම ලැබිය යුතු අයත් ඒකට ඇතුළත් කරන්න යෝඡනා කරලා තියෙනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *