ග්‍රහලෝක 6ක් එක පෙළට පෙනෙන දුර්ලභ දර්ශනයක්

ග්‍රහලෝක 6ක් එක පෙළට පෙනෙන දුර්ලභ දර්ශනයක්

ග්‍රහලෝක 6 ක් එකපෙළට පිහිටන දුර්ලභ දර්ශනයක් මේ දිනවල පියවි ඇසින් දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ඡයරත්න මහතා පවසනවා.

ඡනවාරි මාසේ 29 වෙනකන් ඉතා හොදින් පේනවා. ඉන්පසු පෙබරවාරි මැද වෙනකනුත් දර්ශනය වෙනවා. ඉතාම පැහැදිලි අහසක් තියෙන වෙලාවක අපිට ඉර බැහැලා ගියාට පසු විනාඩි 90 ක් පමන ඇතුලත නම් වඩා හොදයි, බටහිර දෙස බැලුවොත් සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අගහරු කියන ග්‍රහලෝක පියවි ඇසින් දකින්න පුළුවන්. ඊට අමතරව යුරේනස් නෙප්චූන් කියන ග්‍රහලෝක දෙකත් දුරේක්ෂයක් උපකාරි කරගත්තොත් බලන්න පුළුවන්. පියවි ඇසට ඒවා දර්ශනය වෙන්නේ නැහැ.

මහාචාර්ය චන්දන ඡයරත්න – භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ – කොළඹ විශ්ව විද්‍යාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *