දෙදහස් විසිහතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලයන්ට අනුව දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමි කරගනු ලැබුවේ ජාතික ජන බල වේගයෙන් තරඟ වැදුණු විජිත හේරත් මහතායි.
ලබාගත් මනාප සංඛ්‍යාව හත්ලක්ෂ දහසය දහස් හත්සිය පහළොවක් . අමාත්‍ය විජිත හේරත් මහතා ලබාගත් මනාප සංඛ්‍යාව පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ එක් මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු විසින් ලබා ගත් ඉහළම මනාප සංඛ්‍යාවද වනවා .
මීට පෙර 2020 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහතා 5 27 364ක් ලබාගෙන තබා තිබූ වාර්තාව අද දිනයේ බිදවැටුනා.
මේ අතර ජාතික ජන බලවේගයෙන් තරඟ වැදුණු අනිල් ජයන්ත මහතා 162 433 ක් ද මහින්ද ජයසිංහ මහතා 137 375 ද ක්‍රිෂාන්ත සිල්වා 121 825 ක් ද මොහොමඩ් මුනීර් මහතා 109 815 ක් ද අශෝක රන්වල මහතා 109 332 ක් ද ලබා ගෙන තිබෙනවා.
සමගි ජන බල වේගයෙන් තරග වැදුණු හර්ෂණ රාජකරුණා මහතා 67 004 ක් ද කාවින්ද ජයවර්ධන මහතා 37 597 ක් ද අමිල ප්‍රසාද් මහතා 23 669 ක් ද ලබා ගත්තා.