කොළඹ ඇතුළු නාගරික ප්රදේශ රැසක පෝල් මිල රුපියල් 200 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ග්රාමීය ප්රදේශ වලත් පොල් ගෙඩියක මිල රුපියල් 150ත් එකසිය අසූවත් අතර අගයක පවතී. වෙළඳපොළට ප්රමාණවත් පොල් නොලැබීම නිසා මෙලෙස පොල් මිල ඉහළ මට්ටමක පවතී.
පසුගිය වැසි කාලයේ පොල් අස්වැන්න නෙළීම අඩු වීමත් පොල් ආශ්රිත අපනයනය සඳහා වැඩි වශයෙන් ලබාදීමත් නිසා පොල් මිල වේගයෙන් ඉහළ ගොස් තිබේ. කොළඹ ආශ්රිත ඇතැම් ප්රදේශවල පොල් බෑයක් රුපියල් සීයත් එකසිය විස්සත් අතර ගානකට අලවි කරයි .
ඉදිරියේදී තවත් පොල් මිල ඉහළ යාහැකි බවයි වාර්තා වන්නේ. සහල් මිලත් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. මහා මෝල් හිමියන් මුණ ගැසෙන්නට අනුර කුමාර දිසානායක මහතා කටයුතු කලා . ඔවුන්ට ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ ඉතාමත් පහසුවෙන් අඩු මුදලකට සහල් ලබා ගැනීමට අදාළ කටයුතු කරන්න .
එහෙම නැතිනම් විකල්ප ක්රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. හිඟයකින් තොරව සහන මිලට සහල් ලබා දෙන්න ජනපතිගෙන් උපදෙස් ලබා දී තිබේ. හිඟයකින් තොරව සහල් අඛණ්ඩව ලබා දින ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලා තිබෙනවා.