කොල්ලුපිටිය ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි ලැගුම්හලක සිටි විදෙස් ඡාතිකයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු හදිසියේ රෝගී වීමෙන් පසුගිය 1 දා රෝහල්ගත කර තිබුණා. 30 හැවිරිදි ඡර්මානු ඡාතිකයෙකු ඔහුගේ 27 හැවිරිදි බිරිද සහ 24 හැවිරිදි වියේ පසුවන තවත් එංගලන්ත ඡාතික කාන්තාවක් ඒ අතර සිට තිබෙනවා. කෙසේවෙතත්, ඔවුන් අතර සිටි සින්ටෝෂ් ඊබොනි ලොයිස් නැමැති එංගලන්ත කාන්තාව රෝගී තත්වය උත්සන්න වීම හේතුවෙන් ඡිවිතක්ෂයට පත් වුණා. ඇගේ මෘත ශරීරය කොළඹ ඡාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඇය සමග සිටි ඡර්මන් ඡාතික කාන්තාවද අද පස්වරුවේ ඡීවිතක්ෂයට පත් වු බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කළා.
ඔවුන් නවාතැන්ගත් කාමරයට යාබද කාමරය පසුගිය 30 දා ෆොස්ෆීන් වායුව යොදා ධූමකරනය කර ඇති අතර කෘමින් මර්දනය සඳහා භාවිතා කරන එම වායුව කාමරයකට ඉසීමෙන් පසු පැය 72 ක් අදාළ ස්ථානය වසා තැබිය යුතු බව පොලීසිය සඳහන් කළා. එම කාමරය වසා තැබීමට ලැගුම්හලේ සේවකයින් පියවර ගෙන තිබුණත් යම් හෙයකින් එය ආඝ්‍රහණය වීමෙන් විදෙස් ඡාතිකයින් තිදෙනාට මෙම රෝගී තත්වය හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා. අදාළ විදෙස් ඡාතිකයින් තිදෙනා ආහාර ගත් හෝටලය පරීක්ෂා කිරීමටද මහඡන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා. මෙම සිද්ධියට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ආහාර විෂ වීමකින් මෙම මරණ සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් විමර්ෂණ ක්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් ලැගුම්හලේ හිමිකරුගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අලුත් කඩේ අංක 2 වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙතද කරුණු වාර්තා කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ වාර්ථාවක් කොල්ලුපිටිය පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළා. රඡයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂණයෙන් අනතුරුව අදාළ ලැගුම්හලේ රැදී සිටීමේ යෝග්‍යතාව වාර්තා කර නිසි බලපත්‍රයක් ලබාගැනීමෙන් පසු පමණක් විවෘත කරන ලෙස එහිදී කොටුව අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංඡීවනී පතිරාඡ මහත්මිය නියෝග කළා. ඒ අනුව එහි කළමනාකාරීත්වයට දැනුම් දුන්නේ එතෙක් ලැගුම්හල වසා තබන ලෙසයි. මේ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ෂණ ක්‍රියාත්මක අතර මියගිය විදෙස් කාන්තාවගේ ඥාතීන් පැමිණ මෘත ශරීරය හදුනාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.