කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බැංකු ගිණුම් තහනම්

කෙහෙළිය රඹුක්වැල්ල

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පවුලේ සමාඡිකයින්ගේ බැංකු ගිණුම් හා ඡිවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස 3 ක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. රුපියල් මිලියන 97 ට අධික වටිනාකමකින් යුත් එම බැංකු ස්ථාවර තැන්පතු සහ ඡිවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණේ අල්ලස් කොමිසම විසින් තම විමර්ශනයකට අදාළව කරන ලද ඉල්ලීමකට අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *