කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රුසියාවෙන් ලැබුණු ත්‍යාගය

කෘෂිකර්මාන්තය නගා සිටුවීමට රුසියාව පිරිනැමු පොහොර

ලෝක අහාර වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ මානුෂීය ආධාරයක් ලෙස කෘෂිකර්මාන්තය නගා සිටුවීමට පොහොර තොගයක් ලැබී ඇත. ඒ රුසියාවේ සමාගමකින්.

අමාත්‍ය ලාල් කාන්ත ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට පැමිණ නිළ වශයෙන් මෙම පොහොර තොගය භාරගැනීම සිදු කරනු ලැබූවා.

මහා කන්නයේදී ඉල්ලක ගත අස්වැන්න ලබා ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සහ ක්‍රමවේදයන් සකස් කර මේ වන විට ක්‍රියාවට නංවමින් පවතින බව එහිදී ලාල් කාන්ත මහතා පැවසීය . මෙම අවස්ථාවේ ලෝක අහාර වැඩසටහනේ සම්බන්ධීකරණය යටතේ මානුෂීය ප්‍රධානයක් ලෙස රුසියාවේ සමාගමක් විසින් ලබා දුන් පොහොර මෙට්‍රික්ටොන් 55000 ද්‍රව්‍යම ආධාරය කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමට විශාල පිටුබලයක් බව ඔහු එහිදී පවසා සිටියා.

මෙම පොහොර තොගයෙන් මෙට්‍රික්ටොන් 30000ට ආසන්න ප්‍රමාණයක් දැනමත් වී වගාව ආරම්භ කර ඇති ප්‍රදේශ වල ගොවින් සදහා ගොවිජන දෙපාර්තුමේන්තුවෙන් සකස් කරන ලද ප්‍රමුඛතා පදනම මත නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *