කුකුළු මස් සහ බිත්තර මිළෙහි දැවැන්ත උච්චාවචනය වීම් ගෙවුණු මාසය තුල දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අඡිත් ගුණසේකර මහතා අද සඳහන් කළේ මෙවර උත්සව සමයේදී රට කුකුළු මස් සහ බිත්තරවලින් ස්වයංපෝෂිත වී ඇති බවයි.
“අතිරික්ත බිත්තර නිෂ්පාදනයක් වෙළඳපොළට එන නිසා මේ උත්සව සමයේ කුකුල් මස් සහ බිත්තර වලින් ස්වයංපෝෂිතයි. හිඟයක් නැහැ.”
මේ අතර සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය වෙළදුන්ට දැනුම් දෙන්නේ බිත්තරයක් රුපියල් 30 ත් 35 ත් අතර මිලකට අලෙවි කරන ලෙසයි.
“ අපි තීරණයක් අරන් තියනවා සියළුම පාරිබෝගික ඡනතාවට රුපියල් 30 ත් 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට..”
ඇන්ටන් නිශාන්ත අප්පුහාමි – සභාපති – සමස්ත ලංකා බිත්තර වෙළද සංගමය
අද පස්වරුව වන විටත් වෙළදපොලෙහි බිත්තර මිළ පහළ ගොස් ඇති අයුරු දක්නට ලැබුණා.
“දැන් අපේ සිල්ලර මිල 34 ට යන්නේ..”