පැය 24 තීරණාත්මකයි ඉදිරි කාලගුණ වාර්තාව මෙන්න

කාලගුණ වාර්තාව

ඉදිරි පැය 24ක කාලය තුළ දී බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ වැඩි අවස්ථාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.

මෙම තත්වය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බව පවසයි. මෙහි වැඩි බලපෑමක් ඍජු ලෙස දිවයිනට බල නොපාන බවට විශ්වාස කරයි.

මෙමගින් ඇති වන බලපෑම් නිසා ඉදිරි පැය 24 තුළ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

විශේෂයෙන් මෙහි වැඩි බලපෑමක් ඇති වන පළාත් වන්නේ උතුර , උතුරු මැද , නැගෙනහිර පළාත් වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *