කාලගුණික තත්වය අහිතකර මට්ටමක

කාලගුණික තත්වය අහිතකර මට්ටමක

ඊයේ (28) දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල නගරාශ්‍රිත ( කාලගුණික තත්වය ) වායු ගුණත්වය සෞඛ්‍යට අහිතකර මට්ටමක පවතින බව ඡාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.

“මේ පවතින කාලගුණික තත්වය සැලකීමේදී දකුණු ආසියාතික රටවල් බොහෝමයකම වගේ වායු දූෂණ මට්ටම ඉහළ යාමක් පෙන්නුම් කරනවා. මේ දිනවල පවතින සුළං රටාව අනුව මේ පිටතින් යම් කිසි වායු දූෂණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙසටත් පැමිණිම නිසා අද දිනයේ වායු දූෂණ මට්ටම ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ලංකාවේ හැම තැනම එක වගේ වායු දූෂණ මට්ටම ( කාලගුණික තත්වය ) ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ පවතින තත්වයේදී සාමාන්‍යයෙන් ශ්වසන ආබාධ තියෙන නැත්තන් සංවේදී පුද්ගලයන්ට යම් කිසි දැනීමක් ඇති විය හැකි මට්ටම. සමහර අවස්ථාවලදී එය තරමක් ඉහළ ගිහිල්ලා අපහසුතාවක් දක්වන මට්ටම දක්වා ඉහළ යා හැකියි. නමුත් මේ තත්වය තව දවසක් විතර පවතියි. යම්කිසි කෙනෙක්ට හුස්ම ගැනීමේ අපහසුතාවක් තියෙනවා නම් මේ තත්වය යටතේදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න කියන එක තමයි දෙන්න තියෙන උපදෙස. ඒ එක්කම අපි වායුගෝලයට මුදාහරින දුමාරයන් එකතු නොකර ඉන්න පුළුවන් නම්. මේ තත්වය පාලනය වෙනවා. අපි නිරන්තරයෙන්ම මේ තත්වය ගැන අවධානයෙන් ඉන්නවා. මේ තත්වයේ ලොකු වැඩි වීමක් වෙනවානම් අපි නැවත දැනුවත් කරනවා.”

සරත් ප්‍රේමසිරි – අධ්‍යක්ෂ – ඡාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *