කාලගුණය නැවතත් වෙනස් වෙයි . බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය දැනට යාපනයට ආසන්නයේ ගැබුරු මුහුදේ පවතී . මෙය අද දිනය වන විට තමිල්නාඩු වෙරළ දක්වා ඇදී යාමක් පැහැදිළිව දක්නට ලැබේ.
කෙසේ නමුත් මෙහි වක්‍ර බලපෑම උතුරු , උතුරු මැද , වයඹ , නැගෙනහිර සහ විශේෂයෙන් බස්නාහිර පැත්තටත් කඩින් කඩ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවනවා .
ඒ අනුව කාලගුණය වෙනස් වී උතුරට පමණක් 75mm ඉක්මවන වර්ශාපතනයක් ලැබේ . දිවයිනේ සෙසු ප්‍රදේශ වල අපරභාගයේ හෝ සන්ධ්‍ය කාලයේ වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවනවා .
පුත්තලෙමේ සිට කන්කසන්තුරය හරහා මුලතිව් දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.