මේ වනවිට කාලගුණය අයහපත් වී තිබෙනවා . ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් තියනවා. මෙම තත්වය අද දවසින් පසුව ඉදිරි දවස් තුන ඇතුළත ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ තීරය ආසන්නයේ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියනවා.
මේ නිසා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දවස්වල බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියනවා. ඒ වගේම උතුරු නැගෙනහිර සහ වයඹ පළාත්වලත්, ඒ වගේම උතුරු මැද පළාත්වලත් සුළං වේගය වැඩි වීමකුත් බලාපොරොත්තු වන බවයි කාලගුණය පිළිබද විද්‍යාඥ ඡනත් කුමාර මහතා සදහන් කලේ .
අද දවස සැලකුවොත්, අද දවසේ නැගෙනහිර පලාතේ විටින් විට වැසි ඇති වීමේ හැකියාව තියනවා. සෙසු පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගිරුම් සහිත වැසි වර්ධනය වේවි. විශේෂයෙන්ම මධ්‍යම, සඹරගමු සහ දකුණු පළාත්වලත් ඊට අමතරව නැගෙනහිර පළාතේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති වීමේ හැකියාවකුත් තියනවා.
ඒ වගේම කලින් පැවසූ ආකාරයට ගිණිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන අඩු පීඩන කලාපයේ බලපෑමත් එක්ක ඉදිරි දිනවලදී නැගෙනහිර සහ උතුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර ඡනතාව කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව නිකුත් කරන අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙන්න කැමති.
ඡනත් කුමාර – කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව