ක්‍රීඩා කියා මහින්ද නාමල් එකතු වී ලොකු සුද්දයක් දීලා

ක්‍රීඩා කියා මහින්ද නාමල් එකතු වී ලොකු සුද්දයක් දීලා

මෙරට විශාලතම ක්‍රීඩා සංකිර්ණය ලෙස සැලකෙන හෝමාගම දියගම මහින්ද රාඡපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ පළමු අදියරේ වැඩ නිමාකර විවෘත කළේ 2009 වසරේ ඡනවාරි මස 21 වනදායි. ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා මහඡන මුදල් මිලියන ගණනින් වියදම් කරමින් ඉදිකරනු ලබන මෙවැනි සම්පත්වල ප්‍රමිතිය පිළිබඳව සොයා නොබැලීමේ අයහපත් ප්‍රතිඵලය මෙරට ක්‍රීඩාවේ හෙට දවසට කෙසේ බලපෑම් එල්ල කරයිද යන්න පිළිබදව ක්‍රීඩාව කරවන ඉහළ පුටුවල සිටින බලධාරීන්ගේ අවධානයට යොමු කළත් ඊට පැලැස්තර විසදුම් ලබාදීමට කටයුතු කර තිබුණා.

දියගම ක්‍රීඩා සංකීර්ණයේ වත්මන් තත්වය සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් එහි සංචාරයක නිරත වුණා. එහිදී බලධාරීන් විසින් අත්හැරදමා තිබූ කන්ටේනර් පෙට්ටියක් තුළ තිබී භාවිතයට නොගත් විදුලි ඡනන යන්ත්‍රයක්ද සොයාගනු ලැබුණා. එමෙන්ම මලල ක්‍රීඩා ධාවන පථයට, ගෘහස්ථ ක්‍රීඩාංගනයට සහ පිහිනුම් තටාකයටද අත්ව ඇත්තේ මෙවන් ඉරණමක්.

“අපේ භාෂාවෙන් කිව්වොත් ගන්න දෙයක් නෑ. මිලියන ගානක් වටින ඡෙනරේටර් එකක් කැලේ තිබුණේ සීල් කරලා කන්ටේනර් පෙට්ටියත් එක්ක. අපිට අදටත් හොයාගන්න බෑ මේ දියගම ක්‍රීඩා සංකීර්ණයට කොච්චර වියදම් කරලා තියෙනවද කියලා. මහින්ද රාඡපක්ෂ පදනම කියලා එකක් මේකේ පාලනයේ ඉදලා තියෙනවා. නාමල් රාඡපක්ෂ මන්ත්‍රීතුමා වගේ අය මේකේ පරිපාලනයේ ඉදලා තියෙනවා. මේක ගැනත් හොයන්න වැඩක් තියෙනවා. දැනටමත් අපි වංචා කිහිපයකට අපි විමර්ෂණ කණ්ඩායම් කිහිපයක් පත් කළා. මේ ආයතනයටත් අපි වෙනම විමර්ෂණ කණ්ඩායමක් පත් කරනවා. අපි අමාත්‍යාංශයටත් සිදු වෙච්ච සියලු වංචා දූෂණ හොයන්න වෙනම විමර්ෂණ කණ්ඩායමක් පත් කරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධ වෙන්නේ ගේම්ස්වලට. අපි ගේම්කාරයෝ නෙවෙයි. “

දියගම ක්‍රීඩා සංකිර්ණයේ නම වෙනස් වෙයිද?

“මං හිතන්නේ මේ ගොඩක් නම් වෙනස් කරගන්න වෙයි. මොකද මේ නමට තියෙන වැඩ මේවා ඇතුළේ වෙලා නෑ කියලා ආවහම පේනවා මේකේ ඇතුළේ වෙලා තියෙන්නේ වෙනම ගේමක් කියලා. කවුරුහරි නමක් තියන්න නම් ඒ නම තියෙන වැඩක් මේකේ ඇතුළේ කරලා තියෙන්න එපැයි. අපි ආයෝඡකයෙක් හොයාගත්තම අපිට මේ නම අනිවාර්්‍යයෙන් වෙනස් කරගන්න වෙනවා. මොකද අපිට මේ නම් එක්ක යන්න බැහැ. ඡාත්‍යන්තරය එකඟ වෙන්නේ නෑ මේවට.”

සුනිල් කුමාර ගමගේ – අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *