කයි පාලනයේ වැඩ මෙන්න

vimal

මේ රටේ දූෂණය, නාස්තිය ගැන කතා කරමින් ආපු මේ කයි පාලනය මේ දවස්වල කන්ටේනර් තුන්සිය විසි ගාණක් ඒ කියන්නේ රතු ලැයිස්තුවේ තිබුණු කන්ටේනර් පවා කිසිදු පරීක්ෂා කිරීමකින් තොරව රේගුවෙන් නිදහස් කළා. ආරංචි විදියට මේ ආණ්ඩුව පත්කරපු එක්තරා පළාතක ආණ්ඩුකාරවරයෙක්ට අයිති කන්ටේනර්. එතකොට මේ තුන්සිය විසි ගාණ ඇතුලේ මොනවද තිබුණේ. මොනවද රට ඇතුළට ආවේ. මත්ද්‍රව්‍යද, රත්තරන්ද, නැත්තන් වෙන මොනවහරිද .. මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. මේක මහබැංකු වංචාව වගේ බරපතළ කාරණයක්. මං හිතන්නේ මේ රටේ විපක්ෂයේ ඉන්න අනිත් උදවිය මේකේ බරපතළකම තේරුම් අරගෙන මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා නෑ. මේ කන්ටේනර් ඇතුළේ තිබුනේ මොනවද කියලා දෙයියොවත් දන් නෑ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේවා පිළිබඳව ඉතා බරපතළ අවධානයක් රටේ ඡනතාවගේ ඇතිවිය යුතුයි කියලා. ඒ වගේම විපක්ෂයේ උදවිය ඉන්නව නම්, ඒ අය මේ පිළිබඳව වහාම තමන්ගේ හඩ නැගිය යුතුයි.

“අමාත්‍යවරයා කියනවා ඒ අය ඒ වගකීම භාර ගන්නවා කියලා.”

“ඒ කියන්නේ ඒගොල්ලො පරීක්ෂා කළාද? ඒ කන්ටේනර් තුන්සිය විසි ගාණ ඇතුළත තියෙන්නේ මොනවද කියලා කියනවද?”

“ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවද ඔය කන්ටේනර්වල නිතීවිරෝදී මොනවහරි තියෙනවා කියලා.?”

“අනිවාර්යෙන්.. ඔය කන්ටේනර් තුන්සිය විසි තුනේ නීතී විරෝධි දේවල් නොතිබුණානම්, ඇයි ඒවා පරීක්ෂා කිරීමකින් තොරව එළියට දැම්මේ. මේ අයට කිසිම හැකියාවක් නෑ රටේ අද මේ තියෙන අභියෝගවලට උත්තර දෙන්න. එහෙම කිසිම හැකියාවක් නැති බව තමයි කයි පාලනය දිනපතා ඔප්පු කරමින් ඉන්නේ.”

විමල් විරවංශ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *