කඹුරුපිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි අවිවාහක ගුරුවරියක් අද අලුයම තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඉඩම් අරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවයි පොලීසිය පවසන්නේ. ඇයගේ නිවස තුලදී ඝාතනය සිදුව ඇති අතර නිවසේ මේසයක් මත තිබී ලේ තැවරුණු ලිපියක්ද පොලීසියට හමුව තිබෙනවා. එය ඇයගේ මව පොලීසිය වෙත ලියන ලදදක් බවටයි සැක පල කෙරෙන්නේ. එහි සදහන්ව තිබුණේ තමා සිය දියණිය ඝාතනය කළ බවයි. දියණියගෙන් තමාට කරදර සිදු වූ බවත් ඇය අධික තන්හාව මත දේපල ඉල්ලා වසර 14 ක් රණ්ඩු කළ බවත් එම ලිපියේ සදහන්. මවගේ ගෙල මිරිකීමට දියණිය පැමිණි නිසා ඇය ඝාතනය කළ බවද එම ලිපියේ දැක්වෙනවා. තමන් තම දියණියගේ පහරකෑමට ලක් වූ බවත් තව දුරටත් එය දරාගත නොහැකි බවත් එම ලිපියේ සදහන් වෙනවා. මේ අතර ඝාතනයට ලක් වූ දියණියගේ මව ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවෙන් ගෙන දිවි නසා ගැනීමට උත්සාහ කළ බවයි වාර්තා වන්නේ. ඇය මේ වනවිට කඹුරුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
Related Posts
ලිංගික අතවර සිදු වන පාර්ලිමේන්තුව
“කථානායකතුමනි විශේෂයෙන්ම මං පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමාගේ මේ අවධානය යොමු කරනවා මේ පාර්ලිමේන්තුවේ වැඩකරන සේවිකාවන්ට වන ලිංගික අතවර ගැන. මං…
තිසර නානායක්කාර සල්ලි පිල්ලි ගැසූ හැටි හෙළිවෙයි
නෙදර්ලන්තයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ…
දවුලගලදී පැහැරගත් සිසුවියගේ පියා කියපු කතාව
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් තිබුණේ පෙරේදා උදෑසනයි. පැහැරගැනීම සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ මූලික…