කථානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කථානායක අශෝක රංවල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

කථානායක අශෝක රංවල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ බව දැනුම් දෙමින් මීට සුවල්ප මොහොතකට පෙර ඔහු විසින් ඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙනු අතර ඔහුට ඇති ආචාර්ය උපාධිය සනාථ කිරීම සදහා ඒ මහතාට මේ මොහොතේ අවශ්‍ය ලියකියවිලි තමා සතුව නොමැති වීම නිසා මෙම තීරණය ගත් බවයි පැවසුවේ.

ආචාර්ය උපාධිය ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයකින් ඔහුට ලැබුණු බවත් අවශ්‍ය ලියකියවිලි ගෙන්වා උපාධිය සනාථ කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. අවශ්‍ය ලියකියවිලි කඩිනමින් ගෙන්වා ගැනීමට නොහැකි නිසා ඔහු සිය කථානායක ධූරයෙන් මේ මොහොතේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *