මේ දවස් වල ඇති ප්රශ්නය තමයි කථානයක වරයාගේ සුදුසුකම් පිළිබදව පැනනැගුනු ප්රශ්නය . මේ ප්රශ්නය හැමෝටම බලපානවා . පසු ගිය කාලයේ විවිධ දේශපාලන වේදිකාවල් වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනා ගැනම විවිධ චෝදනා තිබුනා .
එක එක මඩ ගැසීම් තිබුනා මන්ත්‍රීවරු 225 දෙනාම හොරු 225 ම වැඩක් නැහැ කියල. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට බලපෑවා. හොද අය සේරම එක ගොඩේ දැම්මේ . එක නිසා අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න වෙලාවේදී පාර්ලිමේන්තුවේ කථානයක තුමාගේ සුදුසුකම් පිළිබදව ගැටළුවක් පැනනැගිලා තිබෙන බව මාධ්‍ය වලින් ප්‍රකාශ වනවා .
අපි පක්ෂ දේශපාලනය කෙසේ වෙතත් අපි හැමෝටම මේක බලපානවා . මන්ත්‍රීවරු 225 දෙනාගේම ප්‍රධානියා කථානයකතුමා. කථානයකතුමා පිළිබද ප්‍රශ්නයක් තිබෙනවා නම් පළමුව ආණ්ඩුව ඒ සදහා පැහැදිළි ප්‍රකාශයක් කල යුතුයි සහ ඒක විසදිය යුතුයි .