ඖෂධ සංස්ථාව තුළ බරපතළ ටෙන්ඩර් ගණුදෙනුවක්

ඖෂධ සංස්ථාව තුළ බරපතළ ටෙන්ඩර් ගණුදෙනුවක්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය ලේකම් ඡනක චන්ද්‍රගුප්ත කාලයේදී සිදු වූවාටත් වඩා බරපතළ අන්දමේ ටෙන්ඩර් ගණුදෙනුවක් පසුගිය සති කිහිපය වනවිට රාඡ්‍ය ඖෂධ සංස්ථාව තුළ සිද්ධ වෙලා තියෙන්නේ.

රෝගීන්ගේ මුඛය පිරිසිදු කිරිම සඳහා භාවිතා කරන ක්ලෝහෙක්සිඩීන් කියන විෂබිඡ නාශක ද්‍රාවනය බෝතල් දෙලක්ෂ හැත්තෑ දහසක් මිලදී ගැනීම සඳහා පසුගිය අවුරුද්දේ ඡුනි මාසේ රාඡ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැදවනවා. පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 12 වැනිදා මේ සම්බන්ධව ටෙන්ඩර් තීරණයක් ලබා දෙනවා. මිළ අඩුම සමාගමට මේ ටෙන්ඩරය ප්‍රධාන කරනවා. මේ ටෙන්ඩරය ප්‍රධානය කරන විට මේ සමාගම ලංකාවේ රාඡ්‍ය ඖෂධ සංස්ථාව මගින් තව දුරටත් මූල්‍ය ගණුදෙනු සිදු නොකළ යුතු නැති ඩිෆෝල්ටඩ් කම්පැනියක් විදියට නොවැම්බර් මාසේ 6 වැනිදා රාඡ්‍ය ඖෂධ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින්ම තීරණය කරපු සමාගමක්. මේ සමාගම බංග්ලාදේශ සමාගමක්. මෙම සමාගම මගින් ශ්‍රී ලංකා රඡයට රුපියල් මිලියන 127 ක අධි භාරයක් අය වෙන්න නියමිතයි.

වෛද්‍ය චමල් සංඡිව – සභාපති- වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *