හම්බන්තොට සිරිබෝපුර පදිංචිව සිටි 22 හැවිරිදි සහ 24 හැවිරිදි තරුණියන් දෙදෙනෙක් සංචාරක වීසා මත ඩුබායි රාඡ්යයට රැකියා සඳහා පිටත්ව තිබුණේ 2023 වසරේයි. ඩුබායි රාඡ්යයට බව පැවසුවත් ඔවුන් යවා තිබුණේ ඕමාන් වලටයි. එහිදී ඔවුන් දෙදෙනා බලහත්කාරයෙන් විවිධ ස්ථානවල වහල් සේවයේ යොදවා ඇතැයි වාර්තා වුණා. ඕමාන් ගිය එම තරුණියන් දෙදෙනාගෙන් අයෙක් ඡිවිතක්ෂයට පත්ව ඇති අතර ඇය ඝාතනය කර ඇතැයි ඥාතීන් චෝදනා කරනවා. පවුලේ ඥාතීන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ ඡිවතුන් අතර සිටින තරුණිය හැකි ඉක්මනින් ඕමාන් සිට යළි මෙරටට ගෙන්වා දෙන ලෙසයි. සිදුවීම ගැන කළ විමර්ෂණවලින් පසු ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය මගින් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණා. බලපත්ර නොමැතිව විදේශ රැකියා ඒඡන්සියක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා එල්ල වු ඔවුන් අතර සමෘද්ධි නියාමකවරයෙකු ද සිටිනවා. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් එළඹෙන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.
Related Posts
වාහන ගෙන් වීම පෙබරවාරී මාසයේ සිට
ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීමට සුදානම් බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. සාකච්චාවක් කැදවමින් එම සංගමයේ…
ක්රීඩා කියා මහින්ද නාමල් එකතු වී ලොකු සුද්දයක් දීලා
මෙරට විශාලතම ක්රීඩා සංකිර්ණය ලෙස සැලකෙන හෝමාගම දියගම මහින්ද රාඡපක්ෂ ක්රීඩා සංකීර්ණයේ පළමු අදියරේ වැඩ නිමාකර විවෘත කළේ 2009 වසරේ…
ඉන්ධන මිල සංශෝධනය
මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මෙවර භූමිතෙල් හැර සෙසු කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය කර නැහැ. ඒ අනුව රුපියල් 188…