කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිතා කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැය කරන බවට ජාතික කමිටුවේ මහ ලේකම් ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල වුනා . මේ තත්වය මත ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්ගේ ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජාතියන්තර කමිටුව ජාතික කමිටුවට දන්වා ඒවා තිබුනා.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය කල විමර්ශන වාර්තාවක් පදනම් කර ගනිමින් මෙම ලේකම්ගේ වැඩ තහනම් කර අභ්‍යන්තර විමර්ෂණයක් සිදු කල යුතු බවට ජාතික කමිටුවේ ආචාරධර්ම කමිටුවද නිර්දේශ කළා . නමුත් ඊට නිසි ප්‍රතිචාරයක් දැක්වීමට ජාතික ඔලිම්පික් කමිටුව අපොහොසත් වුනා.
ඒ අනුව පසුගිය නොවැම්බර් 5 ජාත්‍යන්තර කමිටුව මෙරට කමිටුවට දන්වා ඒවා තිබුනේ මෙරට ආචාරධර්ම කමිටුවේ නිර්දේශ පරිදි ක්‍රියාත්මක වන ලෙසයි. එසේ නොකොලොහොත් ශ්‍රී ලංකාවට එරහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ඔවුන් අදාල ලිපිය මගින් අවවාද කර තිබුණා. ඒ අනුව මෙරටට් ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන සියල්ල අත්හිටුවන බව දනව ඒවා තිබුනා.