ඔලිම්පික් කමිටුවට ඇත්තටම වෙච්ච දේ..

ජාතික ඔලිම්පික් කමිටුවට ඇත්තටම වෙච්ච දේ

කාලයක සිට මානව සහ භෞතික සම්පත් අවභාවිත කරමින් ඔලිම්පික් කමිටුවේ අරමුදල් අනිසි ලෙස වැය කරන බවට ඡාතික කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල්ද සිල්වා ඇතුළු නිලධාරීන්ට දිගින් දිගටම චෝදනා එල්ල වුණා.

මේ තත්වය මත ඡාතික කමිටුවේ මහලේකම් මැක්ස්වෙල්ද සිල්වාගේ ධූරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ඡාත්‍යන්තර කමිටුව ඡාතික කමිටුව වෙත ලිපියක් මඟින් දන්වා තිබුණා.

එම ලිපිය නොසලකා හැරීම සම්බන්ධයෙන් ඡාත්‍යන්තර කමිටුව පසුගිය 10 දා දන්වා තිබුනේ ඡාතික ඔලිම්පික් කමිටුවට ලබා දෙන සියළු මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවන බවයි. උද්ගත වූ තත්වය පිලිබඳ කරුණු විමසීමට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ඡාතික කමිටුවේ විධායක සභිකයින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ඊයේ කැදවා තිබුණා.

අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ඡාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුකූලව ඡාතික ඔලිම්පික් කමිටුව කටයුතු කළ යුතු බවයි. මෙම අර්බුදය හේතුවෙන් ක්‍රීඩාව ක්‍රීඩාවක් ලෙස නිදහසේ කරගෙන යෑමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව නොලැබීම තව දුරටත් සිදු නොවිය යුතු බවත්, ඔවුන්ට නිදහසේ ක්‍රීඩාව කරගෙන යාමට ඉඩකඩ සැලසියයුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *