එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකම එළවළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවටත් අමු මිරිස් කිලෝවක මිල රුපියල් දහස ඉක්මවා ඇති බවටත් ඡනතාව මැසිවිලි නගනවා. වෙළදුන් පවසන්නේ වර්ෂාවේ බලපෑමෙන් මෙලෙස එළවළු මිල ඉහළ ගොස් ඇති බවයි.

“අමු මිරිස් රුපියල් 1000 ට එහා යනවා කිලෝ එක. අඩු නෑ.. වැඩි තමයි වෙන්නේ.”

“මිනිස්සුන්ට ඡිවත් වෙන්න පුළුවන් ද? දෙයියන්ගෙම පිහිටයි.”

“වම්බොටු කිලෝ එක රුපියල් 480 යි, කරවිල තියෙනවා රුපියල් 600 යි, මල් ගෝවා 800 යි, කැරට් කිලෝ එක රුපියල් 400 යි, බොංචි කිලෝ එක 400 යි, මාළු මිරිස් රුපියල් 800 යි, වැටකොළු 320 යි, ගෝවා 240 යි, තක්කාලි කිලෝ එක රුපියල් 400 යි, අමුමිරිස් කිලෝ එක රුපියල් 1200 යි, වට්ටක්කා තියෙනවා 320 යි කිලෝ එක..”

“එළවළු එහෙම ගත්ත ද? ගත්තා ගත්තා.. ලාභයක් තියෙයි නොකා හිටියොත්..”

මේ අතර අතරමැදි එළවළු වෙළදුන් අනිසි ලාභයක් ලබන බවත්, එළවළු ගොවීන්ට සිය අස්වනු සඳහා නිසි මිලක් ලැබීමට සැලැස්වීමට රඡය පියවර ගතයුතු බවත් ඡාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.

“මේ වට්ටක්කා රඅපියල් 320 දක්වා වැඩිවෙනකොට මේ වට්ටක්කා කිලෝ එකකින් ගොවියට කීයක් ගියාද කියන එක ගොවියා රඡ කරන්න ඕන කියලා හිතන කට්ටිය ආණ්ඩු කරන්නේ. අපි අහනවා රුපියල් 200 ක්වත් වට්ටක්කවලින් මේ ගොවියට යනවද කියන එක. ඇයි තවම මේකට විසදුමක් හදාගන්න බැරි වුණේ. අනිත් පැත්තෙන් හාල් ප්‍රශ්නය.. වෙළද ඇමතිලා කරුණාකරලා හොයන්න ආනයනික රතු කැකුළු වෙළදපොලේ තියෙනවා ඒක සත්තුන්ටවත් කන්න බැරි හාලක්. වගකීමෙන් කියන්නේ. අපි අභියෝග කරනවා වෙළද ඇමතිට. ඔයයි එස්. ටී. සී එකේ අප්පුහාමිලයි එකතු වෙලා ඔය ආනයනික රතු හාල පොල් සම්බෝලයි බතුයි කාලා පෙන්නන්න. මෙහෙම කතා කරන්නේ උඹලගේ තියෙන ලොරි ටෝක් හින්දා. උඹලට දෙයියන්ගේ හාල් කැවිලා.”

අසේල සම්පත් – නායක – ඡාතික පාරිභොගික පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *