එස් එම් චන්ද්‍රසේන මහතා සර්වජන බලය පක්ෂය සමග එකතු වී සිදු කල පළමු මාධ්‍ය සාකච්චාවේදී දැක්වූ අදහස්
මම පළමුවෙන්ම සතුටු වෙනවා අද මාත් එක්ක කාලාන්තරයක් තිස්සේ දේශපාලන කටයුතු වල යෙදුන මාගේ සහෝදර හිටපු කැබිනට් ඇමැතිතුමාලා ඒවගේම රාජ්‍ය ඇමැතිතුමාලා පාර්ලිමේන්තු මන්ත්රීතුමාලා එක්ක අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මැතිතුමාගේ නායකත්වය යටතේ සර්වජන බලය මේ මහා දේශපාලන වියාපාරයට එකතු වීමට හැකි වීම පිළිබදව.
මහා දේශපාලන වියාපාරයක් කියල හදුන්වන්නේ මම අවුරුදු 35 කට වැඩි කාලයක් දේශපාලනයේ නියැලිලා තිබෙනවා. මම මහජන නියෝජිතයෙක් හැටියට අවුරුදු 34කට ආසන්න කාලයක් මේ වන විට කටයුතු කර ඇති බව එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.
මම පළමුවෙන්ම මහජන නියෝජිතයෙක් හැටියට පත් වුනේ 1991 පැවතී පළාත් පාලන මැතිවරණයේදී මගේ ගම් ප්‍රදේශය නියෝජනය කරන ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂ නායකවරයා හැටියට . ඊට පස්සේ අවුරුදු එක හමාරකට පස්සේ පැවතුනා උතුරු මැද පළාත් සභා මැතිවරණය 1993. මම ඒ පළාත් සභා මැතිවරණයේදීත් මන්ත්‍රී වරයෙක් හැටියට පත් වුනු බවයි එස් එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ.
ඊට පසුව 1997 නැවත පළාත් සභා මැතිවරණය තිබුනා එතැනදී දිස්ත්‍රික්කයේ දෙවනිය හැටියට පත් වෙලා පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශ ඇතුළු අමාත්‍යංශ කිහිපයක කටයුතු කරා . ඒ වගේම එස් එම් චන්ද්‍රසේන මහතා 2001 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත්වෙලා ඒ වගේම 2004 වන කොට මම නියෝජ්‍ය ඇමතිවරයෙක් හැටියටත් ඒ වගේම 2007 වන කොට කැබිනට් නොවන ඇමතිවරයෙක් හැටියටත් ඒ වගේ ඇමතිකම් කිහිපයක් දරු බවයි එස් එම් චන්ද්‍රසේන මහතා පැවසුවේ.
2010 දී කැබිනට් ඇමතිකමක් දැරූ බවත් නොයෙකුත් තනතුරු ලබමින් ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා හැටියට අවුරුදු ගණනක් කටයුතු කළා. 2010 තිබුන මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී වැඩිම දක්ෂ ආසන සංවිධායකවරු 20 තේරුවා එකෙන් මම 8 වැනිය බවට පත් වුනා. ඒ වගේම 2010 මැතිවරණයේදී ලක්ෂේට වැඩිය චන්ද ගත්ත 20 තේරුවා එකේදී මම 12 වැනිය වුනා. වැඩිම ප්‍රතිශතයක් ගත් මන්ත්‍රීවරයා හැටියට 9 වෙනියා හැටියට ලක්වෙන් පත් වුන බවත් එස් එම් චන්ද්‍රසේන මහතා පැවසුවා. ඒ වගේම ශ්‍රී ලංකා පක්ෂ වැඩිදියුණු කරන්න සහ ශක්තිමත් කරන්න විශාල කැප වීමක් කල බව පැවසුවා .
නමුත් එදා පක්ෂේ තිබුන ආරවුල් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතා පසු බෑමට ලක්වුණා කියන එක මම අමතුවෙන් කිව යුතු නැති බව පැවසුවා. ඊට විකල්පයක් වශයෙන් තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවන්න සිද්ධ වුනේ. පොදුජන පෙරමුණ පිහිටවිමේදී කටයතු කල 4-5 අතුරින් මම එක්කෙනක් බව කියන්න ඕනි. අපි විශාල කැපවීමක් කරලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන්න කටයුතු කළා. පළමු මැතිවරණය වන්නේ පළාත් පාලන මැතිවරණය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවලා. ඒ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා ජයග්‍රහණය කරන්න අපි නායකත්වය ලබා දුන් බව එ මහතා පැවසුව.