එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමේ සූදානමක්. එසේ එකතු වීමට බිම් මට්ටමේ සියලු දෙනා මේ හඩ නැගිය යුතු බව ආශු මාරසිංහ මහතා පවසයි. ඔහු තව දුරටත් පැවසුවේ පක්ෂ දෙකේ නායකයන් එකතු විය යුතු බවයි.
එසේ එකතු වී විපක්ෂය සමගි කල යුතු බව පවසයි. සියලු විපක්ෂ පක්ෂ එකතු කර සමගි කලොත් පමණක් 2/3 ඇති ආණ්ඩුවට විපක්ෂය ලෙස මුහුණ දිය හැකි බව එතුමා පවසයි. හොද විපක්ෂයක් හොද රටකට අවශ්‍ය බවත් ඒ විපක්ෂය සැදෙන්න එකසත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීම අනිවාර්ය බව පැවසුවා .
එසේ එකතු වී පැරණි එක්සත් ජාතික පක්ෂය සෑදිය යුතු බවත් එය ගමේ සිටින පාක්ෂිකයන් බලාපොරොත්තු වන දේ බවත් එතුමා පැවසුවා. එසේම ඉදිරියේ එන සියලු මැතිවරණ සදහා එකතු වී එක කණ්ඩායමක් ලෙස ඉදිරිපත් විය යුතු බවත් පැවසේ. අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවත් එයට අකමැතිනම් පොදු ලකුණකින් ඉදිරිපත් වීම තුළින් බවයි විපක්ෂයට හඩක් නැගිය හැකි බව එතුමා පැවසුවා.
ඒ වගේම ආසන මට්ටමින් ආසන වල සිටින නායකයින්ට එකතු වී මැතිවරණයට මුහුණ දීමට යෝජනා කරන ලෙස ජනතාවගෙන් එතුමා ඉල්ලයි.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වීමේ අවශ්‍යතාවය එතුමා පෙන්වා දුන්නා