එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා .
එහිදී දෙරට අතර ආර්ථිකමය වශයෙන් සිදු වන ගනුදෙනු සහ ඉදිරි කටයුතු පිළිබදව සාකඡ්චා කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සංඛ්‍යාව වැඩි කිරීමට හා ශ්‍රී ලංකාවේ වෙළදපොළ පුළුල් කිරීමට හා එරට පවතින අපනයන වෙළදපොළ පුළුල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්චා වී තිබෙනවා.
ආයෝජන ඉහළ නැංවීමට මෙන්ම ඩිජිටල්කරණය සහ නවීන තාක්ෂණය හදුන්වා දීමට අදාළ තාක්ෂණික දැනුම ලබා දීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල් අමේරි එකගතාවය පළ කර තිබෙනවා.
ඉදිරියේදී එරට සංචාරයකට එක් වන ලෙස ද ඛලීඩ් නසර් අල් අමේරි ආරාධනා කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.