ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගත් අයගේ ලැයිස්තු ප්‍රසිද්ධ කිරීම වරදක් විදිහට නොදකින බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා . එම ලැයිස්තු දැන ගැනීම මහජනතාවගේ අයිතිවාසිකමක් බවත් පැවසූ ඔහු ජනාධිපති අරමුදලේ තිබෙන්නේ ජනාධිපතිගේ සල්ලි නොව මහජන මුදල් බවයි එතුමා පැවසුවේ.
මහජන මුදල් භාවිතා වුනේ කෙසේ ද කියන එක ජනතාවට දැනගැනීමට අයිතියක් තිබෙනවා. අපි හිතමුකෝ කෝටිපතියෙකුත් අරන් තිබෙනවා කියල දුප්පත් මිනිස්සුන්ට දෙන්න තිබුණු මුදල තමයි තන්හාවට ජනාධිපති අරමුදලෙන් අරන් තිබෙන බව උදය ගම්මන්පිල මහතා පැවසුවා .
ඒ වගේම වෙනත් වියාපාර නොකරන සොරකම් නොකරන සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට තවත් පුරවැසියෙකුට ලැබෙන අයිතියම ලැබිය යුතු බවයි ඔහු ප්‍රකාශ කලේ . ඒ නිසා නම් ප්‍රසිද්ධ වුනහම තමයි දැනගන්න පුළුවන් කෝටිපතියෝත් අරන් ද අහිංසක මිනිස්සුත් අරන් තියෙන්නේ කියල බවයි පැවසුවේ.