උදයංග වීරතුංග ට සහ කපිලට සම්බාධක…
ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සහ මානව හිමිකම් දිනයට සමගාමීව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තුමේන්තුව ලොව පුරා දුෂණය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම් ප්‍රවර්ධනය කිරීමට සිය කැපවීම අවධාරණය කර තිබෙනවා.
දූෂණ සහ මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා මත ලොව පුරා පුද්ගලයින් 12 දෙනෙකුට ඇමරිකාවෙන් සම්බාධක පැනවූ අතර එම 12 අතරට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද සිටින අතර ඔවුන් මහින්ද රාජපක්ෂ රජය සමයේ තනතුරු දැරූ පුද්ගලයින් දෙදෙනෙක්.
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ඔවුන්ගේ සමීපතම පවුලේ අයට එක්සත් ජනපද දෙපාර්තුමේන්තුව සම්බාධක පනවා තිබෙනවා . ඒ 2006 වසරේ දී මිග් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙලක් මෙහෙයවූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.
උදයංග වීරතුංග මහතාට එරහිව 2015 මාර්තු 16 වැනි දා එවක පැවති රජය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ද ගොනු කළේ මෙම මිග් යානා ගණුදෙනුවට අදාළවයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ සමීපතම පවුලේ අයට එරහිව ද මෙම ඇමරිකාවේ සම්බාධක පනවා තිබෙනවා . ඒ අනුව ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවට ඇතුළු වීම තහනම් කර තිබෙනවා .
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීම සහතික කිරීම සදහා අල්ලස් ලබා ගත් බවට කපිල චන්ද්‍රසේනට චෝදනා එල්ල වනවා .