උදයංග වීරතුංග මහතා අද උසාවි පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත දැක්වූ අදහස්….
අපේ සහෝදර ආණ්ඩුවේ 2015 දී යාපාලන කාලයේ දාපු තෙවැනි නඩුව තමයි මිග්යානා ගනුදෙනු පිළිබඳ නඩුව. දැනට අවුරුදු දහයකට කිට්ටු වනවා. අන්න ඒ නඩුවට නැවත වතාවක් ආවා. හැමදාම කල් දික් කරනවා. නීතිපති උපදෙස් අපට ලබා දෙන්නේ නෑ. නඩුවලට නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන්නේ නැති නිසා රට යන්න අවසර අරන් ගෙදර යන ගමන් බවයි උදයංග වීරතුංග පැවසුවේ.
මමත් යෝජනා කරනවා මේ බොරු නඩු මෙච්චර කාලයක් මේ උසාවි වල නිලධාරීන් රස්තියාදු කරන්නැතුව ඒ වරදක් තියෙනවා නම් ඒ නඩුව ඔප්පු කරලා දඬුවම් දීලා එහෙම නැති නම් මේ අවුරුදු ගණන් ෆයිල් තියාගෙන රජයේ මුදල් තවදුරටත් නාස්ති කරන්න එපා කියලා.
අපේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයගෙන් ඉල්ලාා සිටිනවා. මොකද ඔහු දරුණු ලෙස කියපු නඩුවක් තමයි මේ මිග්යානා ගනුදෙනු නඩුව . ඇවන්ගාඩ් නඩුව . ඔහුට කලින් හිටපු ගෝඨාභය ජනාධිපතිට විරුද්ධව මේ පත් කරපු අඩුවට දැන්වත් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙන බව උදයංග වීරතුංග මහතා පැවසුවා.
අධිකරණයේ අවුරුදු නවයක් නඩුවක් පවරගන්න බැරි නම් , අධි චෝදනා දෙන්න බැරිනම් උසාවියට නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන්නේ නැත්නම් අන්න එතන තමයි දේශපාලන පළිගැනීම් කියන්නේ. වෙනදා මම ශ්‍රී ලංකාවේ නැති දවස්වල හැමදාම උසාවියට එනවා පැය බාගේ පැය සාකච්ඡා පවත්වෙලා තිබෙනවා.
චෝදනා එල්ල කරලා තිබෙනවා. ඒ නමුත් අද එන්නෙ නෑ. වර්තමාන ජනාධිපතිතුමා මට සාධාරණයක් ඉෂ්ට කරයි කියලා මම සිතනවා .ඔහුට දැන් බලය ලැබුන නම් මගේ සහෝදරයන්ගේ හරි හෝ වැරදි නිසා ජනතාව මාලිමාවට බලය ලබා දුන්න නම් හොරු අල්ලන්න ඒ සාධාරණය ඉෂ්ට කරන්න ඕනි බවත් උදයංග වීරතුංග පවසයි .
ජනතාව වෙනුවෙන් ජනතාව ඡන්දෙ දීලා තියෙන්නේ. ඔවුන්ට පරණ ජේවීපී එකෙන් නෙමෙයි.පරණ ජේවීපෙට අදටත් සියයට තුනයි. මේ චන්දෙ දීල තියෙන්නෙ පොහොට්ටුවේ චන්දදායකයන්. එහෙමනම් පොහොට්ටුවේ ඡන්දදායකයා සාධාරණය ඉල්ලනවා.
මේ රටට සාධාරණය ඉෂ්ට කරන්න. හොරු නම් හොරු කියල පෙන්වන්නඑහෙම නැතුව මේ අදටත් මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා චෝදනා කරන්න එපා. ආර්ථිකය ගොඩගමු.
දැන් බලන්න මත්තල ගුවන්තොටුපලට අවුරුදු එකොළක් වනවා බැක්ටු බැක් ඔපරේෂන් එකක් එන ගුවන් යානාවක් ගේන්න නිලධාරීන්ට බැරිවෙලා තිබෙනවා . ඒ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් මහින්ද රාජපක්ෂ සමයේත් වික්‍රමසිංහ සමයේත් ගෝඨාභයේ රාජපක්ෂ රජයේත් අඩුවක් නැතුව තිබුනා.