රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අසල්වැසි නිවසේ සිටි පුද්ගලයෙකුට පහර දීමේ චෝදනාව මත මේ වන විට රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.
නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණයට උදයංග වීරතුංග මහතා ඉදිරිපත් කල අවස්ථාවේ ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වුනේ.
මිරිහානේ පිහිටි ඒ මහතාගේ අසල්වැසියන් සමග ඇති කර ගත් ගැටුමේදී උදයංග වීරතුංග මහතා සිදු කල පහර දීම නිසා අදාළ නිවැසියා රෝහල් ගත කර තිබෙනවා. ඒ අනුව මිරිහාන පොලීසියට සිදු කල පැමිණිල්ලක් මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා.