ඊශ්‍රායාලයේ රැකියා සදහා යන්න ගිය තරුණයන්ට සිදු වූ දේ

ඊශ්‍රායාලයේ රැකියා සදහා යන්න ගිය තරුණයන්ට සිදු වූ දේ

ඊශ්‍රායාලයේ කෘෂි අංශයේ රැකියා පුහුණුව සම්පූර්ණ කරන ලද පිරිසක් වෙත දියගම දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණා. එහිදී ඔවුන්ට මිනිත්තු දහයක් තුළදී කිලෝමීටර් දෙකක පමණ දුරක් දිවීමටත් කිලෝග්‍රෑම් පනහක් බරති වැලිකොට්ටයක් මීටර් සීයක දුරක් අඛණ්ඩව රැගෙන යාමටත් සිදුව තිබෙනවා. එම අවස්ථාවේදී කිහිප දෙනෙකුට ශාරීරික අපහසුතා ඇතිවීම හේතුවෙන් මූලික වෛද්‍ය ප්‍රතිකාර සිදු කර තිබෙනවා. පසුව පිරිසක් ගොස් මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානින් සමග සාකච්ඡා කර ශරීර යෝග්‍යතා පරීක්ෂණයේදී දිවීම සඳහා ලබාදුන් කාලයේ වැඩි කර දෙන ලෙස ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් හිමිවී නැහැ.

මේ පිළිබඳ අප විදේශ සේවා නියුක්ති කාර්යයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයකු සඳහන් කළේ ඊශ්‍රායාලයේ කෘෂිකර්මාන්තයේ ක්ෂේත්‍රයේ සේවය කිරීම සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් පසු විය යුතු බැවින් අදාළ ශාරීරික යෝග්‍යතා පරීක්ෂාව සිදු කරන බවයි. ඊට හේතු වී ඇත්තේ ඊශ්‍රායාලයේ කෘෂි ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දස දහසක කෝට්ටාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබි ඊට දෙදහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී මෙරටින් යවා තිබුනද ඉන් සියයට අසූවක පමණ පිරිසක් අදාල ක්ෂේත්‍රයේ රැකියාව කිරීම සඳහා යහපත් ශාරීරික යෝග්‍යතාවක නොමැතිවීම නිසා එම රැකියා අතහැර වෙනත් රැකියා වල යේදීම නිසා. අනතුරුව ඊශ්‍රායලයෙන් මෙරටට රැකියා ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරීක්ෂාව සිදු කර එරටට යවන බවත් අදාළ ප්‍රකාශකයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *