අල් කදර් විශ්වවිද්‍යාල වියාපෘතියේ ඉඩම් අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි පකිස්ථානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන්ට දූෂණ විරෝධී අධිකරණය වසර 14ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. 2018 වසරේ සිට 2022 වසර දක්වා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයෙහි නීතිවිරෝධී දේපොළ වෙළදාම් කරන්නෙකු ලෙසින් ඔහුට සහ ඔහුගේ බිරිදට ඉඩම් තෑගි කරන්නෙකු බවට එහිදී චෝදනා එල්ල වී තිබෙනවා.
මෙහිදී ඉම්රාන් ඛාන්ගේ බිරිද බුෂ්රා බීබිට වසර 7ක සිරදඩුවමක් නියම කෙරුණා.