ඉන්ධන වර්ග අතිවිශාල මුදලකින් අඩු වෙනවා

ඉන්ධන වර්ග අතිවිශාල මුදලකින් අඩු වෙනවා

මේ ඉන්ධන වල ගහන ටැක්ස් එක 50% න් අඩු කළා නම් මේ සියලුම ඉන්ධන වර්ග අතිවිශාල මුදලකින් අඩු වෙනවා. මේගොල්ලෝ විපක්ෂෙ ඉන්නකොට මොකද්ද කිව්වේ?

“අපේ ආණ්ඩුවට පුළුවන් මේ වෙලාවේ හරි… තෙල් සංස්ථාව පාඩු ලබනවා. ඩොලර් නෑ. ඒ හින්දා අපි මේ වෙලාවේ තෙල් මිල වැඩි කරනවා. හැබැයි අපි මේ බද්දෙන් අඩු කරනවා. මේ බද්දෙන් භාගයක් අඩු කළත් ආයෙත් පරණ තිබ්බ ගාණටම තෙල් දෙන්න පුළුවන්.. රුපියල් 60 ක් හැම ලීටරයකින්ම..”

සුනිල් හදුන්නෙත්ති මහතා සිදුකළ ප්‍රකාශයක්.

මේ විපක්ෂයේ ඉදන් කරපු දේවල් දැන් ඉෂ්ට කරන්න. ඉන්ධන මිල අඩු කරොත් විදුලි බිල අඩු වෙනවා. මේ ආණ්ඩුවට නමක් අපිට දාන්න සිද්ධ වෙනවා. රනිල් විත් ද කන්ටිනියු..

එම්.ඩී.ආර්. අතුල – සභාපති – විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *