ස්ථාවර සහ විශ්වසනීය හවුල්කරුවෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහතික වුණා. නව දිල්ලි නුවර පැවති ද්විපාර්ශ්වික නායක හමුවෙන් පසුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රයත්නයන් පිළිබඳව ඉන්දියාවට විශ්වාසයක් ඇති බවයි.
ඉන්දියාවේ ආරක්ෂාවට හානි වන කිසිදු ක්‍රියාවකට ශ්‍රී ලංකා භූමියේ ඉඩක් නැතැයි ඡනාධිපතිවරයා මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සහතික වුණා.
“අපේ ආරක්ෂක අභිලාෂයන් පිළිබඳව එකිනෙකාට සම්බන්ධ වෙලයි ඉන්නේ. ආරක්ෂක සහයෝගිතා ගිවිසුමට අදාළ කටයුතු අපි හැකි ඉක්මනින් අවසන් කරනවා. ඒ යටතේ තීරණයක් අරන් තියනවා ආරක්ෂක සහයෝගීතාව වගේම මුහුදු සිතියම්ගත කිරීමකට කොළඹ ආරක්ෂක කථිකාව කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපේ විශ්වාසයයි. කොළඹ ආරක්ෂක කථිකාව ආරක්ෂාවට වගේම සංවර්ධනයට වැදගත් වේදිකාවක්.
මේ යටතේ සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය මැඩලීම, සයිබර් ආරක්ෂාව හා සංවිධානාත්මක අපරාධ මැඩලීම මෙන්ම මානුෂීය සහය සහ ආපදා සම්බන්ධයෙන් වන සහයෝගීතාව ගොඩනැගිය හැකි වනවා. මිතුරන් හැටියට සහය වීම ඡනතාවගෙන් ඡනතාවට සහය හිමි වීම් ඉන්දියාවට වගේම ශ්‍රී ලංකාවට අපේ සභ්‍යත්වයෙන් හිමිව තිබෙනවා.
ඉන්දියාව පාලි භාෂාව හදුන්වා දීමේදී එයට සම්භාව්‍ය භාෂාවක තත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකාවේ ඡනතාව පාලි භාෂාව හදාරනවා. සංචාරක බෝට්ටු සේවා වගේම යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් කටයුතු ගොඩනැගිල තියනවා.
ඊට සමගාමීව අපේ සංස්කෘතික බැදීම් ශක්තිමත් වී තිබෙනවා. නාගපට්නම් හා කංකසන්තුරේ අතර සන්තුරේ බෝට්ටු සේවාව ආරම්භ කිරීම ඡයග්‍රහණයක්. දැන් රාමේෂ්වරම් සහ තලෙයි මන්නාරම අතරත් බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමටයි යන්නේ. බෞද්ධ සිද්ධස්ථාන සහ රාමායන මංපෙත් කේන්ද්‍ර කරගත් සංචාරක ව්‍යාපාරය හරහා අපි ශ්‍රී ලංකාවට ඉතා විශාල ඉඩ ප්රස්ථා විවර කර දී තිබෙනවා. ඒ වගේම ධිවරයින්ගේ ඡීවනෝපායට අදාළ කරුණු සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා.
මේ සම්බන්ධයෙන් මානුෂීයවාදී ප්රවේශයකින් කටයුතු කරන්න අපි එකඟ වුණා. ඒ වගේම අපි සාකච්ඡා කළා ඡනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිසංස්කරණ හා සංහිදිය වැඩපිළිවෙළ සම්බන්ධයෙන්. ඔහු ඒ සම්බන්ධයෙන් ඔහුට අනන්‍ය වැඩපිළිවෙල ගැන මාත් සමඟ කිව්වා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ඡනතාවගේ අභිලාෂයන්වලට ගරු කරයි කියලා.
ඒ වගේම ව්‍යවස්ථාමය විධි විධාන හරහා පළාත් සභා මැතිවරණය පවත්වමින් අපේ මිත්‍රත්වය තමන්ගේ කැපවීම ප්‍රකට කරයි කියලා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් අපි දරන්නා වූ බොහෝ ප්රයත්නයන් සම්බන්ධයෙන් මම ජනාධීපති අනුර කුමාර දිසානායක මහතාට සහතිකයක් දුන්නා. ඔහුගේ ප්රයත්න සම්බන්ධයෙන් ඉන්දියාවට විශ්වාසයක් තියනවා. අපි තව දුරටත් ශ්‍රී ලංකාවේ ස්ථාවර හා විශ්වසනීය හවුල්කරුවෙක්.”
නරේන්ද්‍ර මෝදි – ඉන්දීය අග්‍රාමා