ඇමරිකාව සිරියාවේ බලය අල්ලයි ජනපති රුසියාවට පනී

ඇමරිකාව , Syrian civil war

ඇමරිකාව රහස් මෙහෙයුමකින් 54 වසරක සිරියාවේ අසාද් පාලනය බිද දමමින් HTS කැරළිකරුවන් එරට ප්‍රධාන නගර ඇතුළු අගනගරය සිය පාලනයට නතු කර ගෙන ඇත. රුසියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සිරියා පාලනය බිද වැටීමත් සමග ජනධිපති බෂාර් අල් අසාද් ඇතුළු පවුලේ සාමාජිකයින් සාමකාමී බල හුවමාරුවකට නියෝග ලබා දී ධූරයෙන් ඉවත් වී රටින් පිටත්ව ගිය බවයි

මේ අතර තුර සිරියාවේ ලටාකියා නගරයේ ඇති රුසියානු ගුවන් හමුදා කදවුරේ සිට රුසියන් ගුවන් යානයක් මොස්කව් දක්වා දක්වා පියාසර කර තිබෙනවා. පසුව රුසියාව පැවසුවේ සිරියා ජනාධිපති බෂාර් ඇල් අසාද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් සිරියාව අතහැර රුසියාවට නිරුපද්‍රිතව පැමිණි බවයි.

මානුෂීය හේතුන් මත බෂාර් අල් අසාද් ඇතුළු පවුලේ සාමාජිකයින්ට රුසියාවේ සරණාගතභාවය ලබා දුන් බව රුසියාව පවසනවා . මේ අතර ඩෑමස්කස් අගනුවර පාලන බලය ලබා ගත් HTS කණ්ඩායමේ නායකයා වන අබු මොහොමඩ් අල් – ජ්ව්ලානි – උමායාද් දේවස්ථානයට පැමිණියා.

එහිදී සිරියානු වැසියන් ජ්ව්ලානි උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

කෙසේ වෙතත් සිරියාවේ පාලනය තමන් අතට ගත් පසු HTS කැරලිකාර කණ්ඩායම ඊයේ පස්වරුවේ අද උදැසන දක්වා ඩෑමස්කස් නගරය ඇතුළු පරිපාලන නගර වලට ඇදිරි නීතිය පනවා තිබෙනවා.

මේ අතර ඇමරිකා ජනාධිපති ජෝබයිඩන් සිරියාව පිළිබද විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා.

” ඊළගට කුමක් ද සිදු වන්නේ යන ප්‍රශ්නය අපි හැමෝටම තිබෙනවා . ඇමරිකාව ප්‍රමුඛ හවුල්කාර කණ්ඩායම සිරියාවේ සිටින පාර්ශවකරුවන් සමග උද්ගතව ඇති අවදානම් කළමනාකරණය සදහා අවස්ථාවක් ලබා දෙනවා . මෙහි අනෙක් ප්‍රථිපලය වන්නේ මෙවර සිරියා පිළිකුල් පාලනය සුරැකීමට රුසියාවට , ඉරානයට හෝ හිස්බුල්ලා සංවිධානයට හැකියාවක් නොලැබීමයි . කොහොම උනත් මේ තත්වය උපයෝගී කරගෙන isis කණ්ඩායම් වලට යළි ස්ථාපනය වීමට අප ඉඩ තියන්නේ නැහැ . “

මේ අතර ඊශ්‍රායලය ද ඩෑමස්කස් අගනුවර ඇතුළු තවත් ප්‍රදේශ රැසක් ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා . ඊශ්‍රායලය පවසන්නේ අසාද් පරිපාලනය සතු අවි ගබඩා ඉලක්ක කර මේ ප්‍රහාරය දියත් කලේ කැරලිකාර පාර්ශව වලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ අධීක්ෂණයේ පැවති ස්වායක්ත කලාපය ආක්‍රමණය කිරීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබෙනවා . ඊශ්‍රායලය සහ සිරියාව 1974 දී ඇති කර ගත් දේශ සීමා ගිවිසුම් ප්‍රකාරව මෙම ස්වායක්ත කලාපයේ පිහිටියේ ගෝලාන් කදු වැටියේ සහ සිරියාවේ දේශසීමාවේයි. අසාද් පරිපාලනය බිද වැටීමත් සමග මෙම කලාපය කැරළිකරුවන් අතට පත් වීම වැළක්වීමේ අරමුණින් තමන් එම කලාපය නතු කර ගත් බව ඊශ්‍රායලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *