පක්ෂ සාමාජිකයන් ජාතික ලැයිස්තුව ඉල්ලයි

පක්ෂ

මෙවර මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කළ අපේක්ෂකයින් හා නියෝජිතයින් ඇතුළු පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම හමුව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේ දී. එහිදී කුරුණෑගල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශ කළේ මෙවැන්නකි.

මම නායකතුමාගෙන් ඉල්ලීමක් කළා ජාතික ලැයිස්තුවෙන් අවස්ථාවක් දෙන්න කියලා. බොහොම ආසන්න වශයෙන් ලඟින් පැරදිලා තිබෙන අවස්ථාවේ මම හිතන්නේ එතුමා සාධාරණයක් කරයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මම ඉන්නෙ හතරවෙනියට. හතළිස් පන්දස් එකසිය පනස් එකක් අරගෙන හයදාස් ගණන් ගන්න අපේ අපේක්ෂකයා ජයග්‍රහණය කරනකොට මම හතළිස් පන්දහස් එකසීයයි. මට යටින් ඉන්න මන්ත්‍රීතුමා විසි නමදහස් ගණනක් අරන් තියෙනවා.

කොළඹින් ජාතික ලැයිස්තුවට මම හිතන්නේ එරන් වික්‍රමරත්න මහතා පත් කරන්න යෝජනා කරලා තිබෙනවා හිරුණිකා යෝජනා වෙනවා මනෝගනේෂන් මහත්තයා යෝජනා වෙනවා. හැබැයි අපේ ඉරාන් වික්‍රමරත්න මහත්තයා මනාප අරන් තියෙන්නේ තිස් අටදාස් තිස් හතයි.

ඉතින් එයාලට සාධාරණයක් ඉෂ්ට වෙනවා වගේම මටත් සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා තමයි මම නායකතුමාගෙන් ඉල්ලීමක් කලේ. මේ වෙලාව එතුමත් විශාල වශයෙන් අසරණ බවට පත්වෙලා තිබෙනවා.

මමත් අපහසුතාවයකට පත්වෙලා තිබෙනවා. මට ඉල්ලන්න සුදුසුකමක් තිබෙන නිසා තමයි මම ඉල්ලන්නේ. මේ සටන අතාරින්න වෙන්නේ පක්ෂ තීරණය මත. මන්ත්‍රී ධූරය නොදුන්නොත් ඊට පස්සේ සිද්ධ වෙන දෙයක් ගැන කල්පනා කරනවා. සජබේ හැරලා යන්න තැනක් නෑ. මාලිගා කුඩේ කුඩු වෙලානෙ. යන්න තැනක් නෑ . හැරදාල යන්න තැනක් නෑ ජීවිතේ අත ඇරල තමයි යන්න වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *